යේමනයේ ජනාධිපති මන්දිරයට මිසයිල ප්‍රහාරයක්

යේමනයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් හූති කැරලිකරුවන් විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර අගමැතිවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම සිවිල් සේවකයින් කිහිප දෙනෙකු සිටින අතර එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ යේමන අගමැති අල්-සින්ඩානි මාලිගාව තුළ රැඳී සිටියද ඔහුට අනතුරක් සිදුව නැත.

යේමන රජයේ හමුදා සහ ඔවුන්ට සහාය දක්වන සෞදි ප්‍රමුඛ හමුදා සන්ධානය විසින් භාවිතා කරනු ලබන, අල්-මාෂික් මාලිගා පරිශ්‍රය තුළ පිහිටා ඇති හමුදා අණදෙන මධ්‍යස්ථානය එම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest