සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අද (25) දින අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණේය.
කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බස් ලලිත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙලෙස කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියේය.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇත.
