Advertisements

බස් ගාස්තු අඩු කරන්න අමාරුයි

බස් ගාස්තු පාලනය කිරීම රජය විසින් හිතාමතාම පැහැර හැරිය බවත් යෝජිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය විකෘතියක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

රට තුළ කෙටිදුර සේවා බස් රථ 10,000කට අධික ප්‍රමාණයක් ධාවනය වන බවත් දුර සේවා බස් රථ 3,000ක් පමණ පවතින බවත් මෙම සේවා දෙකටම ගාස්තු වර්ග දෙකක් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්වනු ඇති බවද ගැමුණු විජේරත්න සඳහන් කරයි.

ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් අඩු වන්නේ නම් කෙටිදුර සේවා සඳහා ලබාදී ඇති සියයට 12ක ගාස්තු සංශෝධනයට කුමක් වනු ඇද්දැයි යන ගැටලුව මතු වන බවත් ඩීසල් මිල අඩු වූවත් ඉදිරියේදී කෙටිදුර සේවා ගාස්තු අඩු කිරීමට නොහැකි වන බවද ගැමුණු විජේරත්න සඳහන් කරයි.

Advertisements
Advertisements
4 Comments
Most Voted
Newest Oldest