Local news

විදුලි පාරිභෝගිකයන් 30%කට හානි.. ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට.!

විදුලි පාරිභෝගිකයන් 30%කට හානි.. ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට.!

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 30ක් පමණ බලපෑමට ලක්ව ඇති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

විශාලතම හානිය ඌව පළාතට සිදුව ඇති බවත් මෙම මස (10) වැනිදා වන විට විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට සැළසුම් කර ඇති බවද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

මෙරට ඉතිහාසයේ දකුණු පළාත හැර සෙසු පළාත් අටේම විදුලි පද්ධතියට දින දෙකක් තුළ සිදුවූ විශාල හානිය යථා තත්වයට පත්කිරීමට විශාල අභයෝගයක් බවද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

විදුලි පද්ධතිය යථා තත්වයට පත්කිරීමට විශාල ශ්‍රමයක්, ධනයක් සහ උපකරණ අවශ්‍ය බවත් ඉතා ඉක්මණින් පිළියම් සොයා යථා තත්වයට පත්කරන බවද අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලි පුද්ගලික සමාගමේ සේවකයන් විශාල පරිශ්‍රමයක් දරමින් විදුලි සැපයුම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි සඳහන් කරයි.

ඇතැම් සම්ප්‍රේෂණ පද්ධති සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබෙන බවත් ඇතැම් සම්ප්‍රේෂණ කුළුණු ඇති ප්‍රදේශ වලට ළගාවීම අපහසු තත්වයක් පැවතුණ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේ (02) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මේ බව සඳහන් කරයි.

මිලියන 68කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී.!

මිලියන 68කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී.!

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලද විශේෂ තොරතුරකට අනුව අද (02) බේරුවල, ප්‍රදීපාගාර දූපතේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ලඳු කැලෑවක් තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4යි ග්‍රෑම් 260ක තොගයක් සොයාගෙන ඇත.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිදුකළ මෙම මෙහෙයුමෙන් භාරයට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 68කට අධික බවට අනුමාන කෙරේ.

වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

මාවතුර පස්කන්දට යටවූ මිනිසුන් පාංශුකූලයත් නැතිවම අවසන් ගමන් යයි.! 

උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.

අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.

මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්වාසීන් පවසති.

අතුරුදන් වූ පිරිස සොයා මේ වන විටත් ගම්වාසීන් විසින් පස් ඉවත්කරමින් සිටිනා බව සඳහන්.

එම ප්‍රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය ගොස් සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සඳහන්.

ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්‍රදේශයේ පාසලක සහ භික්‍ෂුණී ආරාමයක රඳවා සිටින බවත් පැවසෙයි.

ජනපතිගේ ඉල්ලීම් අනුව පාලම් 10 ක්, අධිවේගී බෝට්ටු 15 ක්, ඩ්‍රෝන යානා 10ක් ඇතුළු ආධාර ඉන්දියාවෙන් එවයි.!

ජනපතිගේ ඉල්ලීම් අනුව පාලම් 10 ක්, අධිවේගී බෝට්ටු 15 ක්, ඩ්‍රෝන යානා 10ක් ඇතුළු ආධාර ඉන්දියාවෙන් එවයි.!

ඊයේ (01) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටි ආධාර අද සහ හෙට දිනයන්හිදී ලබා දීමට නියමිත බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

මහ කොමසාරිස්වරයා මේ පිළිබඳව පවසා සිටියේ හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා ඉල්ලා සිටි ආධාර අතරට තාවකාලික පාලම් 10 ක්, අධිවේගී මුදා ගැනීමේ බෝට්ටු 15 ක්, සැපයුම් සහ නිරීක්ෂණ ඩ්‍රෝන යානා 10 ක්, චන්ද්‍රිකා දුරකථන 6 ක් සහ ජල පිරිපහදු යන්ත්‍ර 500 ක් එම ඉන්දීය ආධාරවලට ඇතුළත්

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

වැසි තත්ත්වයේ වැඩිවීමක්.. සැලකිලිමත් වන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දෙසැම්බර් (04) වන දින සිට උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

ආපදා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට.!

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාව අනුව, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්.

සුරක්ෂිත මධ්‍යස්ථාන 1,433ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 232,752ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උසස් පෙළ සහ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

උසස් පෙළ සහ පාසල් ආරම්භ කිරීම ගැන දැනුම්දීමක්.!

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් (08) වැනි දින ආරම්භ කිරීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අපදාවන්ට ලක්නොවූ පළා‍ත් සහ දිස්ත්‍රික්ක වල පාසල් දෙසැම්බර් (16) වැනි දින ආරම්භ කරන බවද අධ්‍යාපන අමාතයාංශය සඳහන් කරයි.

හිටපු ඇමති සී.බී රත්නායක බන්ධනාගාරයට.!

හිටපු ඇමති සී.බී රත්නායක බන්ධනාගාරයට.!

රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍ය සී.බී රත්නායක අද (02) අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී රත්නායක අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (16) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල වැඩි කරයි.!

නිවාස පිරිසිදු කිරීමට ලබාදෙන මුදල වැඩි කරයි.!

දිවයින පුරා අවතැන්ව සිටින ජනතාවට යළි සිය නිවාස වලට යාමේදී ඒවා පිරිසිදු කරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් 10,000ක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කරයි.

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගනී.!

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදීයි ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.