Local news

විගණකාධිපති ධූරයට පත්වූ සමුදිකා ජයරත්න යනු කවුද.?

විගණකාධිපති ධූරයට පත්වූ සමුදිකා ජයරත්න යනු කවුද.?

මාස කිහිපයක් පුරාම පුරප්පාඩු වී පැවති විගණකාධිපති ධුරයට සමුදිකා ජයරත්න පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකා ජාතික විගණන කාර්යාලයේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සේවය කරන සමුදිකා ජයරත්න ජ්‍යෙෂ්ඨ විගණන වෘත්තිකයෙක් වන අතර ඇය දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ලෙස සේවය කරයි.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ ඉහළ පෙළේ විගණන වාර්තා කිහිපයකම ඇය අධීක්ෂණ සහ දායකත්ව කාර්ය භාරයක් ඉටු කර ඇත.

තවද පාර්ලිමේන්තු කමිටු සහ අනෙකුත් අධීක්ෂණ ආයතන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විගණකාධිපතිවරයාට සහාය වී ඇත.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන පරිදි 1799 වසරේ සිට මේ දක්වා කාලය තුළ විගණකාධිපති ධූරයට පත්වූ පළමු කාන්තාව සමුදිකා ජයරත්න වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ සාමාජිකාවක් වන සමුදිකා ජයරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය සහ ගණකාධිකරණය පිළිබඳ B.Com (විශේෂ) උපාධිය ලබා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්න පත්කර ඇති අතර ඇය කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග විගණකාධිපති තනතුර පුරප්පාඩු විය.

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

ජනපති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට එක්වෙයි.!

‍කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) එක්විය.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් අද (04) දින මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ, ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් මෙරටට වැඩම කරවීම සිදු කෙරුණි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීමත් සමඟ මෙරට ජනතාවට මෙම ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදා වේ.

සර්වඥ ධාතු වන්දනාව හෙට (05) සිට පෙබරවාරි (11) වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

ගෝඨා සමයේ සිදු වූ සීනි බදු වංචාවේ තොරතුරු අල්ලස් කොමිසමට.!

ගෝඨා සමයේ සිදු වූ සීනි බදු වංචාවේ තොරතුරු අල්ලස් කොමිසමට.!

ඊයේ (3) මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා ජයවීර පාර්ලිමේන්තුවේදී පැවවූවේ ගෝඨාභය සමයේ සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි වීම සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බවයි.

ඊට පිළිතුරු ලබාදෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, මෙම ලිපි ගොනුව නීතිපතිගේ උපදෙස් අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කර ඇති බව ත් එමඟින් පරීක්ෂණ සිදු කෙරෙන බව ත්ය.

ස්පජ්ර්ලබ්මන්තසජබ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මන්ත්‍රිවරයා විමසුවේ, සීනි බදු වංචාවට අදාළව ෆයිල් තිබෙන්නේ කුමන කැබ් රථයේ ද එම ෆයිල් වසා තිබෙනවා ද සීනි බදු අඩු කිරීම නිසා අහිමි වී ඇති ආදායම කොපමණ ද යන්නය.

“සීනි බදු වංචාව සිදු වුණේ ඒ කාලෙදිනේ ඔබතුමන්ලා බලයට එන්නත් සීනි බදු වංචාව උපයෝගි කරගත්තනේ. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ සීනි බදු වංචාවේ ෆයිල් එක වසන්ත සමරසිංහ ඇමැතිතුමාගේ කැබ් එකේ නැද්ද? දැන් ඒ ෆයිල් එක වහලද? දැන් මොකද වෙලා තිය‌ෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියෙනවා සාක්ෂි නැහැ කියලා. එතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුවත් කියලා තියෙනවා වෝහාරික පරීක්ෂණයක් සිදු කරන්න අමාරුයි කියලා එතකොට කොහොමද පරීක්ෂණ සිදු වෙන්නේ” 

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනිම ගැන දැනුම්දිමක්.!

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනිම ගැන දැනුම්දිමක්.!

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය සේවයේ නියුතුව නොසිටින උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත.

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට ගුරු සේවයට අයදුම් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම හෙට (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබරවාරි මස (19) වන දින ප.ව. 09.00 දක්වා විවෘතව පවතී.

රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයෙන්ම ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් පෙබරවාරි මස (20) වන දින උදේ 9.00ට විවෘත වන අතර, එය මාර්තු මස (05) වන දින උදෑසන 9.00ට අවසන් වේ.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියුතුව නොසිටි උපාධිධාරීන් හා සටහන 3 මගින් ආවරණය වන උපාධිධාරීන් බඳවා ගැනීමට සුදුසුකම්ලත් ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවා ඇත.

හත් කෝටි විසි ලක්ෂයක මත් පෙති වත්තල ලොරියක.!

හත් කෝටි විසි ලක්ෂයක මත් පෙති වත්තල ලොරියක.!

නාවික හමුදා බුද්ධි අංශය මගින් වත්තල පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව රුපියල් හත් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා නීති විරෝධී මත්පෙති හත් ලක්ෂ හතළිස් හතර දහස් පන්සීයක තොගයක් පෙරේදා (2) පස්වරුවේ වත්තල මීගමු පාරේදී අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් ව තිබේ.

බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ සැකකටයුතු ලොරි රථය පරීක්ෂා කිරීමේදී මිලිග්‍රෑම් 150 මත්පෙති 145,500ක් සහ මිලිග්‍රෑම් 300 මත්පෙති 599,000ක් සොයාගෙන තිබේ.

රියැදුරු (32) සහ ලොරි සහයක (28) යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කෙරෙයි.!

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කෙරෙයි.!

අසල්වැසි ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (04) පස්වරු 1.00ට පමණ මෙරටට වැඩම කරවනු ලැබීය.

ඉන්දියාවට අයත් විශේෂිත ගුවන් යානයකින් ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණ අතර ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත අද පස්වරුවේ වැඩම කරවීමට නියමිතය. 

”ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමට හෙට (05) සිට ලබන (11) වැනිදා දක්වා දින හතක කාලයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී අවස්ථාව හිමි වේ.

පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදා වී ඇත.

ප්‍රභාකරන්ගේ වැල්වෙටිතුරෙයි නිවස නංගීට.!

ප්‍රභාකරන්ගේ වැල්වෙටිතුරෙයි නිවස නංගීට.!

ඝාතනයට ලක්වූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට ඔහුගේ නැගණිය වෙත භාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පසුගිය 2 දා ඒකමතිකව සම්මත වී තිබේ.

වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කර තිබේ. ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනකු වන අතර සෑම වසරකදීම ඔහු ප්‍රභාකරන්ගේ උපන් දිනයදා එම නිවස ඉදිරිපිට කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරනු ලබයි.

ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීමට සංරක්ෂණය කරන නිසා සියලුදෙනා ප්‍රභාකරන්ගේ නිවස යැයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බව ශිවාජිලිංගම් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් පවසා ඇත.

ඒ අනුව ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එම නිවස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත භාර දීම ඉතා උචිත බව ප්‍රකාශ කොට එම්.කේ. ශිවාජිලිංගම් ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ ඒකමතික කැමැත්ත පළ වී තිබේ.

නාමල් රාජපක්ෂ හිරකූඩුවට දානවද.? නැද්ද.?

නාමල් රාජපක්ෂ හිරකූඩුවට දානවද.? නැද්ද.?

2029 වසරට තව කල් තියෙන බවත් ඊට කලින් මේ අවුරුද්ද තුල ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙන්න ඕන දේවල් ලබා දෙන්න ඕන බවත් ඒ සඳහා සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

හිර කූඩුවේ නාමල් රාජපක්ෂ දානවද.? නැද්ද.? කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාගේ කතා ඇහුවම බවත් කවුද කෙදිරි ගාන්නේ කියලා දැන් හිතාගන්න පුලුවන් බවද මන්ත්‍රි නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුව විසින් සිදු කල වැරදි වසා ගැනිමට තමා ඇතුලු පිරිස් ගෙනත් ප්‍රශ්න කර වැඩක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රි නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“අපේ ගමේ ප්‍රේමවතී මනම්පේරි කියන කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව. ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිවම ගරු අධිකරණයේ සදහන් කලා ඉහළ නිලධාරියා මොන උපදෙස දුන්නත් තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඒක වැරදි නම් ඒ වැරැද්ද ක්‍රියාත්මක කිරීම උපදේශයක් ලබා ක්‍රියාත්මක කිරීම යන එක නිදහසට කාරණයක් නෙමෙයි කියලා.

ඒ හින්දා මේ නිලධාරිනුත් ඒ කාරණා මතක තියාගෙන වැඩ කළොත් හොදයි. සංවිධානාත්මක අපරාධ නවතින්න ඕන. මත්ද්‍රව්‍ය මේ රටේ නතර වෙන්න ඕන. හැබැයි සංවිධානාත්මක අපරාධ නතර කරන්නේ ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්ම අපරාධ කණ්ඩායමක් ආරක්ෂා කරන්න නම් ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් දෙකේ කුඩු තියනවා කියලා දැන දැනත් පන්නලා මේක විපක්ෂයේ අපෙන් අහනව නම් කන්ටේනර් 323ක් පන්නලා ඒකත් මගෙන් අහනව නම් ඉතින් මේ ආණ්ඩුව තව මොකටද.”

“ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ආණ්ඩුව තමන්ගේ දේශපාලන ක්‍රියාදාමය පොලිසිය පාවිච්චි කරනවා. හිර කූඩුවේ නාමල් රාජපක්ෂ දානවද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 159 දෙනාගේ කතා ඇහුවම. ඒ අය කලින් කියලා තමයි මෙතෙන්ට එන්නේ. කවුද කෙදිරි ගාන්නේ කියලා ඔබතුමන්ලටම දැන් හිතාගන්න පුලුවන්.”

“අපි ජනතාව එක්ක දේශපාලන ගමන යනවා අණ්ඩුවට අපිව සීඅයිඩී, එෆ්සීඅයිඩී ගෙන්නලා අපේ දේශපාලන ගමන නවත්වන්න බෑ. මේ රටේ ජනතාවට අපි වගකියන්න ඕන ජනතාවගේ වගකීම සහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ආණ්ඩුව හිතනවනම් මේවට ගෙනල්ලා පෙන්නලා අපේ කටවල් වහන්න ආණ්ඩුව ඔය 88 89 සෙල්ලම් තියාගන්න ඒවා දැන් දාන්න ලෑස්තිවෙන්න එපා.

ආණ්ඩුව අපිව මෙහෙම ගෙන්වන්නේ එක පැත්තකින් ආණ්ඩුවේ නොහැකියාව වහගන්න. තවත් පැත්තකින් පොලිසියේ තියෙන කීර්තිනාමය නැති කරන්න. මොකද ඒ අයට 88 89 පොලිසිය එක්ක ප්‍රශ්නයක් තියනවා. මොකද පොලිසිය වැඩියෙන්ම ගහලා තියෙන්නේ ජෙවිපී කාරයන්ටනේ. ඉතින් ඒවා වහගන්න අද පොලිසියේ කීර්තිනාමය හානි කරන්නත් ආණ්ඩුව කටයුතු කරනවා.

අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නා. මම කිවුවනේ පින්තූර පෙන්නලා සාමාන්‍ය පෙල විභාග සම්මන්ත්‍රණ වලට ගියපුවා, උසස් පෙළට ගියපුවා, රැස්වීම් වලට ගියපුවා තරුණ සංවිධාන රැස්වීම් වලට ගිහිල්ලා ප්‍රශ්න ඇහුවට ඒකට දෙන්න ඕන උත්තරේ මම දුන්නා. හැබැයි ඉතින් ආණ්ඩුව දැනගන්න ඕන මොන ප්‍රශ්නේ ඇහුවත් මම අහපු ප්‍රශ්නෙට උත්තර නෑ.

කවුද කුඩු කන්ටේනර් දෙක පැන්නුවේ කවුද කන්ටේනර් 323 පැන්නුවේ. කෝ නුවරඑළියේ අයිස් ෆැක්ටරිය. කවුද හෝමගමට මිද්දෙණියට අයිස් ගෙනල්ලා දැම්මේ. උත්තර නැත. හැබැයි මගෙන් අහනවා උත්තරේ, මම කොහොමද දන්නේ ආණ්ඩුව එයාලගෙනේ.

2029ට තව කල් තියනවනේ. ඊට කලින් මේ අවුරුද්ද තුල ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙන්න ඕන දේවල් ලබා දෙන්න ඕන. ඒ සඳහා අපි සටන් කරනවා.”

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (03) ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රි නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

හිටපු කථානායකලා හිතේ හැටියට මිලියන ගණනක තෙල් ගහලා.!

හිටපු කථානායකලා හිතේ හැටියට මිලියන ගණනක තෙල් ගහලා.!

හිටපු කථා­නා­ය­කවරුන් වාහන සඳහා අන්ලිමිටඩ් තෙල් ගැසු බවත් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන 2024 වසරේදී රුපියල් ලක්ෂ 334ක තෙල් ගසා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටි­ආ­රච්චි සඳහන් කරයි.

මන්ත්‍රී චන්දිම හෙට්ටි­ආ­රච්චි සඳහන් කළේ,

“වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න කියන්නේ කවුද කියලා මම කියන්නම්. අසීමිත ඉන්ධන කථා­නා­ය­ක­ව­රුන් පාවිච්චි කරද්දී, කථානායකවරයා අසී­මිත ඉන්ධන ඕන නැහැ කියලා තමන්ම යෝජනාව ගෙනැ­විත් 2025 මැයි (02) වැනිදා සම්මත කර­ගෙන ඒක කප්පාදු කළ කථානායක.

නිල රථ ඕසෙට තියා­ගෙන පැදපු කථානායකවරු සිටි තැන තමන්ට නිල රථ දෙකයි කියලා නිල රථ දෙකක් ගත්ත කථානායක පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­යට මුළු යාපා පටු­නම දාගෙන හිටපු වෙලාවේ මත­කනේ.

පුතත් යාපා, මාමත් යාපා, දුවත් යාපා මුළු යාපා පටුනම දාගෙන හිටියා. අන්න ඒ ජාතියේ අක­ර­තැ­බ්බ­යක් මේ පාර්ලිමේන්තුවට කරන්නේ නැතිව කාර්ය මණ්ඩ­ලය 8කට සීමා කළ කථා­නා­යක. ඒ නිසා මම කැම­තියි උපුටා ගැනී­මක් කරන්න.

හිටපු කථා­නා­ය­කලා අන්ලි­මි­ටඩ් තෙල් ගැහුවේ. 2023 දී කථා­නා­යක රුපි­යල් ලක්ෂ 261ක තෙල් ගහලා. 2024 වස­රේදී රුපි­යල් ලක්ෂ 334ක තෙල් ගහලා. නියෝජ්‍ය කථානායක 2023 දී රුපි­යල් ලක්ෂ 148ක තෙල් ගහලා. රුපි­යල් ලක්ෂ 135ක 2024 වස­රේදී තෙල් ගහලා.

2023දී හිටපු කථා­නා­යක ආහාර ලක්ෂ 26ක කාලා. රුපි­යල් ලක්ෂ 31ක 2024දී කාලා. වාහන, කථා­නා­ය­කට 2023දී 8යි. 2024දී 9යි. දැන් කථා­නා­ය­කට 2යි. මාධ්‍ය ඒක­කය 1යි. නියෝජ්‍ය කථා­නා­ය­කට ඒ දව­ස්වල 2023දී වාහන 6යි. දැන් 1යි.

ආද­ර්ශ­වත් පාර්ලිමේන්තුවක් හදන්න මැදිහත් වූ කථා­නා­ය­ක­තුමා දැන් අමා­රුයි දරන්න බැහැ. ඒ නිසා තමයි මේ මඩ ව්‍යාපාරය ගහන්නේ. ඒ නිසා කණු බෙදාගන්න එක කතා කරපු දවසේ කණු කරේ තියාගෙන ගියපු විප­ක්ෂය දැන් ඇනගෙන ඉන්නවා.

විපක්ෂ නායකතුමා මහ විනාශයක් කර ගත්තේ. පොහො­ට්ටුවේ කුණු කරේ තියාගෙන ගිහින්. ඒ නිසා පලාගිය ජනාධිපතිගේ ලේකම් ගිහිල්ලා බාරදුන්නේ ඕක. ඔය ජාතියේම ලේඛනයක් තමයි. එනිසා නියෝජ්‍ය මහ ලේකම් වන්නම නටලා අව­සන් වුණාම මහන්සි නම් එන්න අපි පස්සේ වෙලා­වක සීතල වතුර වීදු­රු­වක් බොමු විපක්ෂ නාය­ක­තුමා.”

මන්ත්‍රී චන්දිම හෙට්ටි­ආ­රච්චි (03) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් ලංකාවට සුබ පැතුම්.!

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් ලංකාවට සුබ පැතුම්.!

78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ ලිපියකින්, තුන්වැනි චාල්ස් රජු ශ්‍රී ලංකාවට සිය “උණුසුම්ම සුබ පැතුම්” පිරිනමමින්, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ ගැඹුරු ඉතිහාසමය බැඳීම් පිළිබඳවද අවධාරණය කර ඇත.

එක්සත් රාජධානියේ ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සිදුකරන වැදගත් දායකත්වයද ප්‍රශංසා කර ඇති අතර අධ්‍යාපනය, වෙළඳාම සහ අනෙකුත් ක්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගීතාවද ඉස්මතු කර ඇත.

✕
⌃ News
📰 Free News Subscription?