නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා, ඔහුගේ පුත්රයා සහ බෑණා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුරකින් පසු නාවලපිටිය ප්රදේශයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බදුල්ල දිස්ත්රික්ක පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට අද(12) දින යළිත් කැඳවා ඇත.
පසුගිය සිකුරාදා එම කොමිසම හමුවට නොපැමිණීම හේතුවෙන් මන්ත්රී චාමර සම්පත් දසනායකට අද (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
පතල් කැණීම් බලපත්ර ලබාදීමේදී සහ පොස්පේට් සමාගමකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව ඒම කැඳවීම සිදුකර ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි.
ජනාධිපතිගේ නෝනා සහ ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එනිසා තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම ජාතික ජන බලවේග ආණ්ඩුව සහතික වශයෙන් කරලා තියෙන බවත් තවත් කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
අද (11) දින ඉබ්බාගමුව, ගොකරැල්ල ක්රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ රටේ හිතුවා ප්රදේශීය සභාවේ සභාපති ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. මන්ත්රී ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ඇමති ධුරය කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්.
ජනාධිපති කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ජනාධිපතිගේ නෝනා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්. ජනාධිපතිගේ පුතා කියලා කියන්නේ හොරකම් කරන්න ලයිසන් එකක්.
එනිසා අපේ රටේ තිබ්බා ලයිසන් ගත්තු හොරු හිටියා, අහිංසක හොරු හිටියා. අපේ රටේ ලයිසන් ගත්තු හොරුන්ට නීතිය ක්රියාත්මක වුණේ නෑ. නීතිය ක්රියාත්මක වුණේ, පොල් ගෙඩියකට මොකක්හරි කරන, අල්ලපු වත්තෙන් කෙසෙල් කනක් කපපු. මතකද.
පොඩි පොඩි හොරුන්ට. එනිසා මේ නීතිය පිළිබඳව තිබුණා, හොරු ගැන තිබුණා සුප්රසිද්ධ කියමනක්. මේ නීතිය යනු මකුලු දැලක් වගේ. ඒ කියන්නේ, පොඩි පොඩි කෘමීන් අහුවෙනවා. ලොකු ලොකු අය ඉරාගෙන යනවා.
සමහර අය හිටියා තමන් ගාවට, හොරකම් කරලා නීතිය ලගාවෙන්න බෑ තමන්ගේ රෂ්මි කදම්බයක් තියෙනවා. ඒ රෂ්මි කදම්බය හමුවේ නීතිය අළු වෙනවා. ලගට එනකොට නීතිය පිච්චෙනවා. ඒ තරම් බලවත්.
ජනතාවට සැකයක් තිබ්බා නම්, තරාතිරම නොබලා වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳව අපේ ආණ්ඩුව හැදුවනම් අපි ඒක සහතික වශයෙන් කරලා තියෙනවා. කරමින් ඉන්නවා.”
පවතින ඉන්ධන ගැටලුවට විසදුම් ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන ඇත.
ඒ අනුව ඉන්ධන ගැටලුවට විසදුම් වශයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තවත් ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සදහා අවශ්ය පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්ය අනුර කරුණාතිලක සඳහන් කළේ,
“පෞද්ගලික සැපයුම්කරුවන්ගේ විශාල දුක්ගැනවිල්ලක් තිබුණා. ඔවුන්ට මේ පාඩුව දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඔවුන් වෙළෙඳපොලට ඉන්ධන සැපයීම යම් ප්රමාණයකට සීමාකරා.
නමුත් අපි එක පැත්තකින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට තමන් වෙනදාට වඩා වෙළෙඳපොළට සපයන ප්රමාණය වැඩි කරලා විශේෂයෙන් 55%ක් තිබුණු එක 80% වෙනකන් වැඩි කරලා ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන පාඩුව ටිකක් දුරට අඩු කරන්න අපි කටයුතු කරා.
නමුත් තේරුම්ගන්න පුළුවන් පෞද්ගලික සැපයුම්කරුවන්ගේ ගැටලුව අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අර්බුද කාලය සමනය කර ගත්තයින් පස්සේ ඔවුන්ට සාධාරණ ලාභයක් ඇතිව වෙළෙඳ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබෙයි. එතකන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා.
ඒ වගේම ඇතිවන ගැටලුව අවම කර ගැනීම සඳහා සමහර ප්රදේශවල ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ ඔවුන් පමණයි මෙහෙයුම් කටයුතුවල යෙදෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නව ඉන්ධන පිරවුම්හල් ඇතිකරමින් මේවගේ අර්බුදකාරී ත්ත්වයකදී ඉන්ධන පාරිභෝගියන්ට ඇතිවන ගැටලුව අවම කරන්න කටයුතු කරන්න.”
අද (11) දින නේපාලයේ ගොර්කා දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට යළිත් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මහාමාර්ග, නිවාස සහ පාලම් රැසක්ද මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති බවද විදෙස් මාධ්ය වාර්තා කරයි.
මේ අතර මෙම ගංවතුර තත්ත්වයෙන් මෙතෙක් කිසිදු ශ්රී ලාංකිකයෙකුට බලපෑමක් සිදුව නොමැති බව විදේශ රැකියා සහ විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරයි.
නේපාලයේ ගෝර්කා දිස්ත්රික්කයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන්, කත්මණ්ඩු නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්රී ලාංකික ප්රජාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටින බවද සඳහන් කරයි.
අදාළ ප්රදේශයේ තත්ත්වය පිළිබඳව නවතම තොරතුරු ශ්රී ලාංකික ප්රජාව වෙත නිරන්තරයෙන් දැනුම් දීමට තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද අමාත්යාංශය සඳහන් කරයි.
අන්තරායකර අපද්රව්ය පරිසරයට එකතු කරමින් සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති ගෙන ඒමට පියවර ගෙන ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
තවද ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 01 සිට 10 දක්වා දඩ පැනවීමට පියවර ගෙන ඇති බවද අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,
“අපි පරිසර සංරක්ෂණය ගැන වචනයට විතරක් සීමා වුණේ නැහැ. ප්රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩි කළා.
අන්තරායකර අපද්රව්ය පරිසරයට එකතු කරලා අපේ සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති අපි ගෙනාවා. ඒ වගේම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් අපි පියවර ගත්තා.“
ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චරිත් සඳකැලුම් නොහොත් “රන් මල්ලී” බල්ගේරියාවේදි අත්අඩංගුවට ගෙන ඇත.
රන් මල්ලී අත්අඩංගුවට ගැනීමට ජාත්යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කර තිබුණ අතර අත්අඩංගුවට ගත් ඔහු දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්ය පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
රන් මල්ලී නැමැත්තා ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ප්රධාන ගෝලයෙක් වන බවද පොලීසිය සඳහන් කරයි.
තැනැත්තන් වෙළඳාම පිළිබඳ එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2026 වාර්ෂික වාර්තාවට (Trafficking in Persons – TIP Report) අනුව, ශ්රී ලංකාව අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වය හිමිකරගෙන තිබේ.
තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික ප්රතිචාරය ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකා රජය අඛණ්ඩව ගෙන යන ප්රයත්නයන් මෙමඟින් පිළිබිඹු වේ.
තැනැත්තන් වෙළඳාම මැඩපැවැත්වීම සඳහා ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, නීතිය ක්රියාත්මක කිරීමේ කටයුතු ශක්තිමත් කිරීම වැනි වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ ආයතනික සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව සිදු කරනු ලබන ප්රයත්නයන් මෙම පිළිගැනීමෙන් පිළිබිඹු වේ.
ආරක්ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්රියාත්මක වන තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF), තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම, විමර්ශන හා නඩු පැවරීම්, සංක්රමණ කළමනාකරණය, ශ්රමික කටයුතු, ළමා ආරක්ෂාව සහ වින්දිත සහාය යන ක්ෂේත්ර වල වගකීම් දරන රාජ්ය ආයතන අතර ජාතික මට්ටමේ සම්බන්ධීකරණය අඛණ්ඩව සිදු කරයි.
වාර්තා කරණ කාල සීමාව තුළ ශ්රී ලංකාව තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික යාන්ත්රණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවර රැසක් ගෙන තිබේ.
ඒ අතර ප්රධාන සන්ධිස්ථානයක් ලෙස 2026 – 2030 තැනැත්තන් වෙළඳාම නිරීක්ෂණය කිරීම හා මැඩපැවැත්වීම සඳහා වූ ජාතික උපායමාර්ගික ක්රියාකාරී සැලැස්ම එළිදැක්වීම සඳහන් කළ හැකිය. ඉදිරි වසර පහ තුළ මෙම ක්ෂේත්රයට අදාළ කටයුතු සම්බන්ධීකරණයෙන් යුතුව ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය ජාතික රාමුව මෙම සැලැස්ම මඟින් සපයනු ලබයි.
එමෙන්ම, දිස්ත්රික් මට්ටමින් තැනැත්තන් වෙළඳාමට එරෙහිව ගනු ලබන ක්රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා දිස්ත්රික් තැනැත්තන් වෙළඳාමට එරෙහි සංසද පිහිටුවීම සහ ඒවායේ ක්රියාකාරීත්වය පුළුල් කිරීම ද අඛණ්ඩව සිදු කර තිබේ.
මෙමඟින් ප්රාදේශීය බලධාරීන්, නීතිය ක්රියාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කර ඇත. එම යාන්ත්රණ හරහා වින්දිතයන් කල්තියා හඳුනා ගැනීම, සුදුසු සේවාවන් වෙත යොමු කිරීම සහ දිස්ත්රික් මට්ටමින් වඩාත් සම්බන්ධීකරණය වූ ප්රතිචාරයක් ලබාදීම සඳහා පහසුකම් සැලසේ.
ක්ෂේත්රයේ ඉදිරි පෙළ නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ හා ධාරිතා වර්ධන වැඩසටහන් පැවැත්වීම, කාර්ය සාධක බලකායේ සාමාජික ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම, ජාත්යන්තර හා කලාපීය හවුල්කරුවන් සමඟ සම්බන්ධතා වර්ධනය කිරීම සහ නවීන තාක්ෂණය භාවිත කරමින් සිදු කරන බඳවා ගැනීම්, අන්තර්ජාලය ඔස්සේ සිදු කරන සූරාකෑම් සහ බලහත්කාරයෙන් අපරාධ වලට යොමු කිරීම ඇතුළු තැනැත්තන් වෙළඳාමේ නව ප්රවණතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ද මෙම කාල සීමාව තුළ ගෙන ඇති අනෙකුත් වැදගත් ක්රියාමාර්ග අතර වේ.
ශ්රී ලංකාව අඛණ්ඩව දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වයෙහි රැඳී සිටීම, තැනැත්තන් වෙළඳාමට එරෙහිව මේ දක්වා අත්කරගෙන ඇති ප්රගතිය සහ අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබන ප්රයත්නයන් පිළිගැනීමක් වන අතරම, ජාතික ප්රතිචාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්යතාව ද අවධාරණය කරයි.
ඉතිරිව පවතින අභියෝග වලට විසඳුම් සෙවීම මෙන්ම, තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, විමර්ශන හා නඩු පැවරීම් ශක්තිමත් කිරීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය තවදුරටත් කැපවී සිටී.
තවද, අඛණ්ඩව පස්වන වසරටත් දෙවන මට්ටමේ (Tier 2) තත්ත්වය හිමිකර ගැනීම, ශ්රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්රතිචාරය ශක්තිමත් කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්ය ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සාමූහික ප්රයත්නයන්හි ප්රතිඵලයකි.
මෙම ජයග්රහණය මඟින් අඛණ්ඩ කැපවීමේ, සහයෝගීතාවයේ සහ තැනැත්තන් වෙළඳාම ඵලදායී ලෙස වැළැක්වීම හා මැඩපැවැත්වීම සඳහා තවදුරටත් ප්රගතිය අත්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කෙරේ.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබාදීමට අවසර ලබාදී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමු කළ බවත් ඇය විශේෂ ආරක්ෂාවක් යටතේ එහි රඳවා තැබීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න සඳහන් කරයි.
රාජ්ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවද්ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපල පනත යටතේ වැරදි සිදු කළ බවට චෝදනා නගමින් පසුගිය (07) වැනිදා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ඇය ලබන (13) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
දිස්ත්රික්ක රැසකට අද (11) දින පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.