Local news

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අගමැතිනියට නාමල්ගෙන් ලිපියක්.!

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න අගමැතිනියට නාමල්ගෙන් ලිපියක්.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ පාර්ලිමේන්තුව කැඳවන මෙන් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මැතිනිය වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලීමක් කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා එම ලිපිය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත මෙන්ම දේපල හානි ද සිදු වූ බවයි.

මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතළ හානි සිදු වූ අතර එය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකි බවද අදාළ ලිපියේ දැක් වේ.

එමෙන්ම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

ජන ජීවිතය සෑම අංශයකින්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා විධිමත්ව මැදිහත් විය යුතු බව ද එහි සඳහන් වේ.

සාම ගිවිසුම අවසන්.. නැවතත් ගුවන් ප්‍රහාර.!

සාම ගිවිසුම අවසන්.. නැවතත් ගුවන් ප්‍රහාර.!

තායිලන්තය හා කාම්බෝජය අතර දේශසීමා ගැටුම් මධ්‍යයේ තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙරට අතර සටන් විරාම ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කිරීම හේතුවෙන් මෙලෙස ප්‍රහාර දියත් කළ බව තායි හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (08) දින ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් නැවත මෙම ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරට අතර අත්සන් කර ඇති සාම ගිවිසුම බිඳ වැටීමේ අවධානමක්ද මේ වන විට මතුව ඇත.

දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා පසුගිය ඔක්තෝම්බර් (26) වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේය.

“විලි ලැජ්ජාවක් නැති මිනිහෙක්” යාපනේ මන්ත්‍රී අර්චුනා ගැන අරුන් සිද්ධාර්ථගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.!

“විලි ලැජ්ජාවක් නැති මිනිහෙක්” යාපනේ මන්ත්‍රී අර්චුනා ගැන අරුන් සිද්ධාර්ථගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.!


යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ විවිධ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සහ සමාජය සමඟ ඇතිකරගන්නා ගැටුම් හේතුවෙන් ඔහු පිළිබඳව සමාජයේ පවතින්නේ වෙනස්ම ආකල්පයකි.

ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපය සහ මතවාදය සම්බන්ධයෙන් විවිධ අර්ථ නිරූපන පවතින අතර මේ පිළිබඳ වෙනස් ආකාරයේ විග්‍රහයක් උතුරේ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ථ විසින් සිය සමාජ මාධ්‍ය වෙත එක් කර තිබීම කාගේත් අවධානයට ලක්ව තිබේ.

එම සටහන පහතින්,

ප්‍රභාකරන් මගේ දෙවියා” කියලා එයා කිව්වා. “ප්‍රභාකරන්ව මරපු හමුදාව මගේ සතුරා” කියලත් එයා කිව්වා. ඒත් එයාගේ ඊනියා ‘දෙවියා’ 2009 දී නන්දිකඩාල් කලපුවේ යට කලිසමක් විතරක් ඇඳගෙන, හිස මත වැදුණු පොරෝ පාරකුත් එක්ක මළ සිරුරක් විදියට පාවෙන මොහොතේ… “මම ඒ දවසේ පේරාදෙනිය පැත්තේ එක්තරා ස්ථානයක ගෑහැණියක් එක්ක නිදාගෙන පෙම්සුව විඳිමිනුයි හිටියේ” කියලාත්, එයා ම ප්‍රසිද්ධියේ කිව්වා.

✍️ “මගේ තාත්තා කොටියෙක්” කියලා එයා කිව්වා. “මගේ තාත්තා නඩේසන් ට පමණක් දෙවෙනි වුනු LTTE පොලිසියේ දෙවන අණදෙන නිලධාරියා” කියලා එයා ආඩම්බරයෙන් කිව්වා. එයාගේ තාත්තව හමුදාවෙන් මැරුව නිසා කවදාවත් තාත්තව දැකලා නෑ” කියලත් එයා කිව්වා. ඉතින් එයා ප්‍රකාශ කළා, “හමුදාව මගේ සතුරා” කියලා. ඒත් බලන්න, ලෝකයේම මානුෂීයම හමුදාව වන “ශ්‍රී ලංකා යුධ හමුදාව” විසින් ඔහුගේ ජීවිතය බේරාගෙන තියෙනවා.

✍️ එයා කිව්වා, “මගේ තාත්තව මැරුවේ කාගේ තාත්තද? අන්න ඒ තාත්තාගේ පුතා ‘නාමල්’ ව මරන්න ඕනේ.” කියලා. ඒත් පස්සේ කාලෙක එයා නාමල් සමග ඉතා සමීපව කටයුතු කරනවා අපි දැක්කා. ඒ කොහොමවුනත් නාමල් එයාගෙන් කවදාවත් අහන්නේ නෑ: “ඔයාගේ කොටි – තාත්තා නිසා මැරුම්කාපු තාත්තාලාගේ දරුවනුත් ඒ විදිහටම ඔයාව මරන්න හිතුවොත්, නැවත නැවතත් මැරි මැරී සියවරක් ඉපදුනත් ඔයාට ඒ දඬුවම ගෙවලා ඉවරකරන්න බෑ” කියලා. ඔයා උපදින හැම ආත්මයකම ඒ විදිහට මැරෙන්න ම විතරක් ඉපදුනත්, ඔයාගේ ඔය ‘තාත්තාගේ’ මිනීමරු ත්‍රස්ත කණ්ඩායම වන LTTE ය විසින් ඝාතනය කළ අහිංසක මිනිස්සුන්ගේ ගණන කවදාකවත් සමතුලිත වෙන්නේ නෑ !

✍️ ඒ වගේම එයා කෑගැහුවා “රගුරාම්, ඒ කියන්නේ එයාගේ අයියාත් LTTE එකේ වීරයෙක්!” ඒත් හොයා බලද්දී අපිට දැනගන්න ලැබුනා, එයාගේම අර ‘ වීර නායකයා’ යට කලිසමකුත් එක්ක මැරිලා පාවෙද්දීත්, එයාගේ LTTE ‘වීර සහෝදරයා’ සටන් බිමෙන් ඒ වෙනකොටත් පැනලා ගිහින් තිබුනා කියලා.

✍️ එයා පාර්ලිමේන්තු වරප්‍රසාද පිටිපස්සේ හැංගිලා අවංක මිනිස්සුන්ට බොහෝමයක් අපවාදයට ලක් කළා, “ඔක්කොම දූෂිතයි…. මට සාක්ෂි තියෙනවා! මට සාක්ෂි තියෙනවා!!” කියලා එයා කෑගැහුවා. ඒත් තාමත්, මේ දක්වාත්, එයා පොලිසියට එක සාක්ෂියක්වත් ඉදිරිපත් කරලා නෑ, අධිකරණය ඉදිරියට අඩුම ගානේ එක්කෙනෙක්වත් ගෙනියන්න එයාට පුළුවන් වුණේ නෑ. අඩුම ගානේ පාර්ලිමේන්තුව සහ පොලිසිය අතර වෙනස මොකක්ද කියලාවත් එයා දන්නේ නෑ. ඉතා පැහැදිලිවම පොලිසියට අදාල වැඩකදී වුනත් එයා කියනවා “දූෂණ ගැන සියලු සාක්ෂි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා” කියලා. එයා විධායකය, ව්‍යවස්ථාදායකය, හෝ අධිකරණය ගැන පුංචිම පුංචි දෙයක්වත් නොදන්නා නූගත් ‘දේශපාලන’ මෝඩයෙක්.

✍️ එයා මහ ලොකුවට “රජයට විරුද්ධ” කතා කරනවා. ඒත් එයාගේ ආච්චිලා-සීයලා විසින් මගේ මුතුන් මිත්තන්ට ලබාදිය යුතුව තිබූ සාධාරණ අධ්‍යාපන අයිතිය, ‘කුල ආඥාව’ මගින් අවුරාදැමූ විට, “සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර” කියලා සිංහල මිනිහෙක්, 1943 දී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා අවුරුදු දෙකක් තිස්සේ සටන් කරලා…. 1945 දී වෙනසකින් තොරව මේ රටේ ‘සියලු ජනතාවට නොමිලේ අධ්‍යාපනය ලබාගැනීම’ ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත්කළා. අර්ධ වශයෙන් හරි ජනතාවගේ බදු මුදලින් අරමුදල් සැපයෙන ‘නිදහස් අධ්‍යාපනය’ නොමිලේ ලබාගෙන , ‘දත් ගලවන්න’ වෛද්‍ය විද්‍යාවෙන් ඉගෙන ගත්තත්, සුමන්තිරන්ගේ “ඔඩොක්කුවට” වැටුනු නිසා එයා ඉගෙන ගත්තේ ලංකා රජය නොමිලේ දුන්න “නිදහස් අධ්‍යාපනය” නිසා කියලා කවදාවත් එයාට වැටහිලා නෑ වගේ. අඩුම ගානේ රෝහල්වල වැඩ කරද්දීත්, එයාට හම්බ වුණු වැටුප ශ්‍රී ලංකා රජයෙන් ගෙවපු එකක් කියලාවත් එයාට වැටහිලා නෑ!.

✍️ ඒත් දැන්? එයා තමන් මෙතුවක් කල් පතුරුගහපු අර ‘සතුරා’ ගේ “සපත්තු”වල එල්ලිලා ජලගැල්මෙන් ජීවිතය බේරගෙන..!

✍️ එයාගේ තාත්තා ගැන කියනවා නම්, 1956, 1958, 1977, සහ 1981 වාර්ගික කෝලාහල සිදු වුණා කියලා එයාගේ තාත්තා දැනගෙන හිටියේ නැති බව අපිට පෙනෙනවා, ඒත් “මගේ තාත්තා සතුටින් ශ්‍රී ලංකා පොලිසියේ වැඩ කරමින් හිටියා. ඒත් 1983 කෝලාහලෙන් පස්සේ, ‘කෝපයෙන් කොටින්ට එක්වුණා’,” කියලා එයා කියනවා. ඔව්… ශ්‍රී ලංකා පොලිසියට වැටුපකට වැඩකරන ගමන් ම කොටින්ටත් රුපියල් 10,000 ක වැටුපකට වැඩ කරමින්..!. විලි ලැජ්ජාවක් නැති මිනිහෙක් !

ආපදාවෙන් මහනුවර පමණක් පාසල් දරුවන් 35ක් සහ ගුරුවරු 10ක් මරුට.!

ආපදාවෙන් මහනුවර පමණක් පාසල් දරුවන් 35ක් සහ ගුරුවරු 10ක් මරුට.!

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් පවසන්නේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 35 දෙනෙකු හා ගුරුවරු 10 දෙනෙකු මියගොස් තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ආපදා තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එක් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ තොරතුරු මේ වනවිට ඒකරාශි කරමින් තිබෙන බවත් ය.

අතුරුදන් වූ පාසල් සිසුන් හා ගුරුවරු පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මෙතෙක් තහවුරුව නොමැති බවද අධ්‍යක්ෂවරයා පැවසූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ සිසු සිසුවියන් 97,850 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන ඔහු පැවසීය.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් 8,500 දෙනෙකු පීඩාවට පත්ව තිබෙන බවත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංඛ්‍යා ලේඛන මේ වනවිට ගණනය කරමින් තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 130 ක් අපදාවට ලක්ව තිබෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

අද (08) රාත්‍රීයේ සිට වැසි වැඩි වීමක්.!

අද (08) රාත්‍රීයේ සිට වැසි වැඩි වීමක්.!

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (08) රාත්‍රී කාලයේ සිට උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාසල් දහසක් විනාශ වෙලා.!

පාසල් දහසක් විනාශ වෙලා.!

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් පූර්ණ සහ අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශ පවසයි.

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ මෙරටට බලපෑ අයහපත් කාලගුණයෙන් මෙරට දරුවන් 275,000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි.

එවන් පසුබිමක් තුල ආපදාවට ලක්වූ බොහෝ ප්‍රදේශවල දරුවන්ගේ පාසල් පෙළපොත් ඇතුළු පාසල් උපකරණ ද ගංවතුරට හසුවීමෙන් විනාශ වී තිබේ.

එමෙන්ම, බොහෝ ප්‍රදේශවල පාසල් ගොඩනැගිලිවලට ද දැඩි හානි සිදුව තිබුණා.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දීර්ඝ කළ නව පාසල්වාරය එළඹෙන 16 වනදා ආරම්භ කිරීමටයි අධ්‍යාපන බලධාරීන් මේ වන විට සැලසුම් කර ඇත්තේ.

වැඩි මිලට වතුර වික්කට රුපියල් මිලියනයක දඩයක්.!

වැඩි මිලට වතුර වික්කට රුපියල් මිලියනයක දඩයක්.!

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදී වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා තිබේ.

මෙලෙස නඩු පවරා ඇත්තේ බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකටය.

බෙලිහුල්ඔය ප්‍රදේශයේ අදාළ නිවාඩු නිකේතනය විසින් රුපියල් 100ක මිලකට අලෙවි කළ යුතු ලීටරයක පානීය ජල බෝතලක් රුපියල් 400ක මිලට අලෙවි කිරීමේ චෝදනාව මත අදාළ ආයතනට එරෙහිව බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.

එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අදාළ නිවාඩු නිකේතනයට රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට නියෝග කර ඇත.

එමෙන්ම රුපියල් 70කට අලෙවි කළ යුතු මිලිලීටර් 500 පානිය ජල බෝතලයක් එම මිල ඉක්මවා රුපියල් 230කට අලෙවි කළ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නඩු පවරා ඇති අතර එහිදී ද අදාළ සමාගම වෙත රුපියල් මිලියනයක දඩ මුදලක් පැනවීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු.!

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු.!

ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජාතික අවශ්‍යතාවක් සේ සලකා අදාළ සියලු ආයතන ඒ වෙනුවෙන් මනා සම්බන්ධීකරණයකින් යුතුව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ගොවීන්ට කඩිනමින් වන්දි මුදල් ලබා දීමට සහ තාවකාලික පිළිසකර කිරීම් මගින් අවශ්‍ය වාරි ජල සැපුම ලබා දීමටද අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

වගා හානි වෙනුවෙන් මෙරට ඉතිහාසයේ ලබා දුන් වැඩිම වන්දි මුදල් ලබා දෙමින් රජය අපේක්ෂා කරන්නේ යළි වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට (07) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදු වූ ගොවීන් ප්‍රමාණය, ගොවි බිම් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් මෙම සිකුරාදාට පෙර ඉදිරිපත් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ වන්දි මුදල් සාධාරණ ලෙස ලැබිය යුතු පිරිස් වෙතම ලැබිය යුතු බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් පෙන්වා දුන්නේය.

මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බවත්, ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ මහාමාර්ග, විදුලි සහ ජල සැපයුම, වාරිමාර්ග, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා වෙන් වෙන් වශයෙන් අදාළ ආයතන වෙතින් කරුණු විමසීය.

අවහිර වූ මාර්ග යළි විවෘත කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා විමසු අතර මාර්ග සංවර්ධනයට ස්ථිර සැලසුම් ක්‍රියාත්මක කරන තෙක් තාවකාලික පිළිසකර කිරීම් කඩිනම් කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් 580න් 473කට හානි සිදු වී තිබු බවත්, ඒවා මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවත්, හෙට දිනය වන විට දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම සම්පූර්ණ කළ හැකි බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්හ.

එමෙන්ම ජල සැපයුම් 49,000කට හානි සිදුවී තිබු අතර, එයින් 99%ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත්, ඉතිරි ප්‍රමාණය සඳහා මේ වන විට බවුසර් මගින් ජල සැපයීම සිදු කරන අතර ඉදිරි දින 02 තුළ සම්පූර්ණයෙන් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් නිලධාරිහු පෙන්වා දුන්හ. එමෙන්ම හානි වූ ප්‍රජා ජල ව්‍යාපෘති මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.

ළිං පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාවේ සහාය ඇතිව මේ වන විට සිදු කෙරෙන අතර, ප්‍රාදේශීය ලේකම් කර්යාලවල සම්බන්ධීකරණයෙන් ප්‍රජා සහභාගිත්වයද ලබා ගනිමින් එම කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ගේ ජීවනෝපායාමාර්ග යළි සකස් කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම, විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධන පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

ගංවතුර හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 228කට පුර්ණ හානි සිදුව තිබෙන අතර, එම නිවාස තිබු ස්ථාවලම එම ජනතාව නැවත පදිංචි කරනවාද, එසේ නොමැතිනම් වෙනත් සථානයක පදිංචි කරනවාද යන්න පිළිබඳ නිවැරදි දත්ත ලබා ගනිමින් අදාළ ඉඩම් හදුනා ගැනීමේ කටයුතු ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දෙසැම්බර් (16) වනදා වන විට දිස්ත්‍රික්කයේ සියලු පාසල් යළි ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව මෙහිදී අධ්‍යාපන නිලධාරිහු පෙන්වා දුන් අතර ආපදාවට ලක් වූ පාසල් දරුවන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මගින් ලබා දීමට නියමිත රුපියල් 15,000ක මුදල මෙම දෙසැම්බර් (31) වනදාට පෙර ලබා දී අවසන් කරන ලෙසත්, ඊට අදාළ නාම ලේඛනය කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනතාවට සහන සැලසීමේදී මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී රාජ්‍ය නිලධාරීන්, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සිදු කරන කාර්යභාරය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න, සේන නානායක්කාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ යන මහත්වරු සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝද, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ආර්. විමලසූරිය සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000ක් මුද්‍රා තබයි.!

පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000ක් මුද්‍රා තබයි.!

ගංවතුර හා විදුලිය ඇණහිටීම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපලක තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී මෙම මස් තොගය හමු වී ඇත.

අනතුරුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක්කර එම මස් තොගය මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස සඳහන් කරයි.

අනවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය නීති ශක්තිමත් කරනවා.!

අනවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය නීති ශක්තිමත් කරනවා.!

අනවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය නීති ශක්තිමත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඉදිරියේදී අනවසර ඉදිකිරීම් සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන අතර, ඊට අදාළ නීතිද ශක්තිමත් කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා එසේ නොවුණහොත් මීට වඩා දැඩි ව්‍යසනයකට රටට මුහුණ දීමට සිදු වනු ඇති බව පෙන්වා දුන්නේය.

ස්ථාපිත කිරීමට නියමිත යළි ගොඩනැගීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ නීතිමය ප්‍රතිපත්ති සකස් කිරීම වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ යටතේ මෙම ගැටලුව සඳහා ස්ථීර විසදුම් සෙවීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද (07) පස්වරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හානි වූ සියලු පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා මාර්ග ඉදිරි සති 02 තුළ සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ඒ වෙනුවෙන් දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යොදවන ලෙසත්, දෙසැම්බර් (31) දිනට පෙර අවසන් කළ නොහැකි මාර්ග පිළිබඳ තොරුතුරු සහ අවශ්‍ය ප්‍රතිපාදන දැනුම් දෙන ලෙසත්, 2026 වසරට අදාළව එම ප්‍රතිපාදන වෙන් කර දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ඒ හා බී ශ්‍රේණියේ පළාත් මාර්ග 1,181කට හානි සිදුව තිබෙන අතර පාලම් 35කට සහ බෝක්කු 162කට, පැති බැම් 01ට හානි සිදුව තිබේ. ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් විය.

ආපදා තත්ත්වය හේතුවෙන් බිද වැටුණු දිස්ත්‍රික්කයේ විදුලි සැපයුම, ජල සැපයුම සහ සන්නිවේදන පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ මෙහිදී වෙන් වෙන්ව විමසා බැලූ ජනාධිපතිවරයා අවසාන පාරිභෝගිකයා දක්වා එම සේවාවන් ලබා දීම සේවා සපයන ආයතනවල වගකීම බවත් අදාළ ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් පවතින බාධා ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 12,729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් 7,215 යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවත්, 5,514ක් වගා කළ නොහැකි බවත් නිලධාරිහු පෙන්වා දුන්හ.

ජල සැපයුම නොමැතිවීම නිසා කුඹුරු අස්වැද්දිය නොහැකි නම් ඒ සඳහා තාවකාලික ජල සැපයුම් ලබා දීමට ජලපාවහන මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හැකි තරම් අඩු කර ගනිමින් එම කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන ලෙසද උපදෙස් දුන් අතර ගොවීන් වෙත බිත්තර වී සහ පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳවද විමසා බැලීය.

එමෙන්ම බඩඉරිගු, එළවළු සහ අතිරේක බෝග වගාවන්ට සිදුව ඇති හානිය සහ එම ගොවි ජනතාව වෙත වන්දි ලබා දිමේ ක්‍රමවේදයද විමසා බැලිණි.

ළිං පවිත්‍ර කිරීමේ කටයුතුවලදී ප්‍රමුඛ වගකීමක් ප්‍රාදේශීය සභාවලට පැවරෙන බවත්, ත්‍රිවිධ හමුදාවේ සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වය ලබා ගනිමින් කඩිනමින් එම කටයුතු අවසන් කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රාදේශීය සභා සභාපතිවරු වෙත දැනුම් දුන්නේය.

දිවයින පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ නිවැරදි දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එම නීති සකස් කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ අතර සත්ත්ව ගොවිපොළ නිසි ලෙස ලියාපදිංචි වී නොතිබීමහේතුවෙන් වන්දි ලබා දීම් ආදි කටයුතුවලදි ගැටලු මතුවන බවද පෙන්වා දුන්නේය.

එබැවින් රට පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ දත්ත එක් පද්ධතියකට ගෙන නැවත සමාලෝචනයක් සිදු කරමින් වන්දි ලබා දීම් පිළිබඳ කඩිනමින් ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය යළි නගා සිටුවීම, සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා මෙන්ම පාසල් යළි විවෘත කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ජනතාව යළි පදිංචි කිරීම සඳහා ඉඩම් හදුනා ගැනීම සහ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීම් පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡ කෙරුණු අතර වන්දි ලබා දීමේ කටයුතුවලදී සහ ජනතාව යළි පදිංචිකිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරු පූර්ණ ලෙස මැදිහත්විය යුතු බවටද උපදෙස් දුන්නේය.

මේ අතර නිවාස අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය විහාරස්ථානයට අයත් අක්කර 20ක ඉඩමක් ලබා දීමට මැද්දේකැටිය, ගොකරැල්ල, සංගමු රජමහා විහාරයේ විහාරාධිපති උදම්මිමට විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය අලුත්ගම මංගල ස්වාමීන් වහන්සේ කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ලිපි ලේඛනද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වයඹ පළාත් සමුපකාර සමිති, සංගම් සහ සාමාජිකයන් එක්ව ලබා දුන් රුපියල් ලක්ෂ 100ක මුල්‍ය පරිත්‍යාගය සහ ගෝකරැල්ල හාල් මෝල අධිපති එස්.එම්. වසන්ත සමරකෝන් මහතා විසින් සිදු කළ පරිත්‍යාගයද ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද, ප්‍රාදේශී සභා සභාපතිවරු ඇතුළු නියෝජිතයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු, ආරක්ෂක අංශ ප්‍රධානිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

✕
⌃ News
📰 Free News Subscription?