Top Story

ලාෆ් මිල වැඩි කිරීම හමුවේ ලිට්‍රෝ සමාගම ගත් තීරණය

ලාෆ් මිල වැඩි කිරීම හමුවේ ලිට්‍රෝ සමාගම ගත් තීරණය

ලාෆ් ගෑස් සමාගම විසින් (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළේය.

රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6,740කි.

රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,720කි

කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365කි.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.

ඒ අනුව ඉදිරි උත්සව සමය වෙනුවෙන් ගෑස් තොග මේ වන විටත් වෙළෙඳපොලට නිකුත් කරමින් පවතින බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

මේ අතර ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් සපයන්නේ ලිට්‍රෝ සමාගමෙන් බවත් එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් (100,000) ඇණවුම් කර ඇති බවත්, ඉන් දෙසැම්බර් මස වනවිට 35,000ක් පැමිණීමට නියමිත බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

ජයග්‍රහණයට තිබිය යුත්තේ එකම නමයි.. ඒ ශ්‍රී ලංකාවයි

ජයග්‍රහණයට තිබිය යුත්තේ එකම නමයි.. ඒ ශ්‍රී ලංකාවයි

මේ රටේ අනාගතය ගොඩනැඟීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට, සියලු පාර්ශ්වයන්ට, ලෝකයේ කොතැනක හෝ ජීවත් වන සෑම ශ්‍රී ලාංකිකයකුටත් විවෘත හදවතින් ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අද අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලටත්, සියලු පාර්ශ්වයන්ටත්, ලෝකයේ කොතැනක හෝ ජීවත් වන සෑම ශ්‍රී ලාංකිකයකුටත් විවෘත හදවතින් ආරාධනා කරනවා. එන්න, මේ රටේ අනාගතය ගොඩනැඟීමේ කොටස්කරුවන් වෙමු.

අපි හැමෝම එකම විදිහට හිතන්න අවශ්‍ය නැහැ. එකම මතයක් දරන්න අවශ්‍යත් නැහැ. නමුත් අපේ වෙනස්කම්වලට වඩා අපේ රට විශාලයි. අපේ තනි තනි අරමුණුවලට වඩා අපේ දරුවන්ගේ අනාගතය වටිනවා.

ඒ නිසා අපේ දැනුම, අපේ හැකියාවන්, අපේ ශක්තිය එකතු කරමු. අපට එකඟ විය හැකි තැනින් පටන් ගනිමු. එකිනෙකාට වඩා ඉදිරියෙන් යන්න නොවෙයි, අප මාතෘභූමිය අපි හැමෝටම වඩා ඉදිරියට ගෙන යන්න එකතු වෙමු.

අවසානේ අපේ දරුවන්ට අපි ඉතිරි කර යා යුත්තේ අපි එකිනෙකාට වඩා කොතරම් ඉහළින් සිටියාද කියන කතාව නොවෙයි. අපි සියලුමදෙනා එකතු වී මේ රට කොතරම් ඉහළට ඔසවා තැබුවාද කියන කතාවයි.

ඒ කතාවේ ජයග්‍රහණය එක් පුද්ගලයකුට අයිති නොවේ. එක් පක්ෂයකට අයිති නොවේ. එක් පරම්පරාවකට පමණක් අයිති නොවේ. ඒ ජයග්‍රහණය මේ රටේ සෑම පුරවැසියකුටම අයිති වේ. ඒ ජයග්‍රහණයට තිබිය යුත්තේ එකම නමයි. ඒ ශ්‍රී ලංකාවයි.”

ජනපති 2027 අයවැය කථාව අරඹයි

ජනපති 2027 අයවැය කථාව අරඹයි

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණෙයි.

ඒ අනුව නව අයවැය යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

අද (12) පෙරවරුවේ රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අයවැය යෝජනාවලිය සඳහා අනුමැතිය ලබා දුන්නේය.

ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඔක්තොබර් මස (07) වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රටේම ජනතාව බලා සිටින දිනය අදයි

රටේම ජනතාව බලා සිටින දිනය අදයි

2027 වසර සඳහා වන අයවැය ලේඛනය මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අද (12) දින පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) දින පස්වරු 1.30ට අයවැය දෙවැනිවර කියවීම ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් (13) සිට (20) වනදා දක්වා දින හතක් පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් (20) වනදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් (21) සිට දෙසැම්බර් (14) වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර අනතුරුව දෙසැම්බර් (14) වනදා පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.

මේ අතර 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

2027 අයවැය ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම අවස්ථාවට එක් විය.

දිට්වා ව්‍යසනය සහ මැදපෙරදිග අර්බුදය වැනි අභ්‍යන්තර සහ බාහිර අභියෝග හමුවේ වුවද, නිසි කළමනාකරණයකින් සහ ඉහළ මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට වත්මන් රජය සමත්ව තිබේ.

ඒ අනුව, ආර්ථිකය ස්ථාවර කිරීමේ ඉලක්කයෙන් ඔබ්බට ගොස්, ආර්ථික ප්‍රසාරණය සහ පරිවර්තනීය සංවර්ධනය ඉලක්ක කරගත් රුපියල් බිලියන 2,000ක ප්‍රාග්ධන ප්‍රතිපාදන ඇතුළත් 2027 අයවැය ලේඛනය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එල්නිනෝ ඉතා ප්‍රබල වෙයි.. කාලගුණයෙන් රතු එළියක්

එල්නිනෝ ඉතා ප්‍රබල වෙයි.. කාලගුණයෙන් රතු එළියක්

මේ වනවිට එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ යටතේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඉතා කෙටි කාලයක් තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

අද (10) දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එනිසා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අහුවෙන්න එපා.. රටේම ජනතාවට අනතුරු අඟවයි

අහුවෙන්න එපා.. රටේම ජනතාවට අනතුරු අඟවයි

ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

පොලිසියේ රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත මේ වනවිට කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම පණිවිඩය සමග ලැබී ඇති “GovPay” සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමග යැවීම සඳහා සකස් කර ඇති සයිබර් වංචාවක් වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

සබැඳි හරහා කිසිදු දඩ මුදලක් ගෙවීමට GovPay නිල වේදිකාව හරහා කෙටි පණිවිඩ හෝ දැනුම්දීම් සිදු කිරීමට කිසිදු අවස්ථාවක අමාත්‍යාංශය හෝ රජය පියවර ගෙන නොමැති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

GoVPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

එනිසා මෙවැනි විදේශීය හෝ සැක සහිත වෙබ් අඩවි සබැඳි හෙවත් විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන් හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වංචනික පණිවිඩ මගින් පුරවැසියන්ගේ මූලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ කරන බැවින් මෙවැනි පණිවිඩ වෙත ප්‍රතිචාර දැක්වීම සහ එවැනි සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසද ජනතාවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකන් දැඩි අර්බුදයක.. රටේ ධජය ලෝකයට අරන් ගිය අපේ ගුවන් සේවයට වෙච්ච දේ

ශ්‍රී ලංකන් දැඩි අර්බුදයක.. රටේ ධජය ලෝකයට අරන් ගිය අපේ ගුවන් සේවයට වෙච්ච දේ

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බටහිර ආසියානු කලාපයේ ඇතිවී තිබෙන අර්බුදය සහ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 35කට අධික වේ.

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය 93%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශයේ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ විදේශ විනිමය බලපෑම් මත 2026 – 2027 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසන්න වශයෙන් වාර්තා කර ඇති මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.5කි.

මුදල් අමාත්‍යංශයේ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව 2026 – 2027 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බදු පෙර අලාභය රුපියල් බිලියන 35.6කි.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අඛණ්ඩව ව්‍යුහාත්මක මුල්‍ය සහ ද්‍රවශීලතා අභියෝග වලට මුහුණ දෙමින් සිටින බව සඳහන් කරයි.

මෙහෙයුම් හිඟය, ඉහළ ඉන්ධන සහ නඩත්තු පිරිවැය යන කරුණු හේතුවෙන් සිය මෙහෙයුම් සහ මුල්‍ය වගකීම් ඉටුකර ගැනීමට ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇති හැකියාව සීමා වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව පවතින ඉහළ ණය බර ඊ⁣ට ප්‍රධාන හේතුවක් වන අතර අදූරදර්ශී තීන්දු තීරණ නිසා වසර ගණනාවක් පුරාවට පාඩු ලැබුවේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබු පාඩුව,

2012 – රුපියල් මිලියන 17,208

2013 – රුපියල් මිලියන 26,857

2014 – රුපියල් මිලියන 31,365

2015 – රුපියල් මිලියන 16,329

2016 – රුපියල් මිලියන 12,083

2017 – රුපියල් මිලියන 28,339

2018 – රුපියල් මිලියන 18,585

2019 – රුපියල් මිලියන 41,700

2020 – රුපියල් මිලියන 44,139

2021 – රුපියල් මිලියන 49,704

2022 – රුපියල් මිලියන 163,583

2023 – රුපියල් මිලියන 71,306

පැය 72ක රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න සූදානම්.. පච්ච ගැන ජනපතිගේ තීරණය

පැය 72ක රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න සූදානම්.. පච්ච ගැන ජනපතිගේ තීරණය

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගැනීම සඳහා වෙනත් රටවල භාවිත කරන ක්‍රමවේදයක් වන ‘පච්ච’ මෙරටට අවශ්‍ය නොවේ නම්, එම විධිවිධානය පනතෙන් ඉවත් කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එම පනත සම්බන්ධයෙන් මතුව ඇති විවේචන හා යෝජනා පිළිබඳව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවත් ජනතාව මර්දනය කිරීමේ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීමට සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ආගමික සමුළුවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තමයි අපි දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා යොදා ගත්තේ. පුද්ගලිකව ගත්තොත් අපි දිර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධ වුණ අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බැට කාපු අය.

ඒනිසා එවැනි නීතියක් අවශ්‍ය නැති බව පිළිගන්නවා. අපිට සංවිධාන්තම අපරාධ වැළක්වීම සඳහා නීතියක් අවශ්‍යයයි. දැන් අපි ඒ නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධ කණ්ඩායම් දෙකක් ඉන්නවා සංවිධානාත්ම අපරාධකරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන.

තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන. අපි ඒ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරන්න ලෑස්තියි. මේකෙන් කිසිසේත්ම ජනතාව මර්ධනය කරන්න, ජනතා අයිතිවාසිකම් උල්ලඝනය කරන්න අවශ්‍යතාවයක් නෑ.

අපිට අවශ්‍ය සංවිධානත්මක අපරාධ මැඩ පැවැත්වීමට නීතියක්. ඒ නීතිය හදන එක තමයි අපේ වැඩේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත තියෙනවා. ඒක සාකච්ඡාවට බඳුන්වෙමින් තියෙනවා. ඒ පනතට විරුද්ධ අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණ තුනක් මතුරකලා තියෙනවා.

එකක් රඳවාගැනීමේ කාලය. මේ පතන ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තියෙනවා. අපි ඒක පැය 48 දක්වා සංශෝධනය කරන්න ලෑස්තියි. අපි සවන්දෙන්න ලෑස්ති. තව සංවාදයක් තියෙනවා පච්ච. සංවිධානාත්මක කණ්ඩායම් හඳුනාගන්න ක්‍රමවේදයක් ඒක. නමුත් ඒක අපේ රටේ නැතිනම් අපට ඒ නීතිය ඕනේ නෑ. අපි ඒක අයින් කරගන්නත් ලෑස්තියි.”

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන තීරණයක්

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන තීරණයක්

2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරිමක් අවශ්‍ය නොවන බව (NSO) පෞද්ගලික ආයතනය අවධාරණය කරයි.

ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ එල්- නිනෝ කාලගුණික තත්ත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

අද (05) දින පැවති 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.

Follow WhatsApp Channel