Top Story

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට.!

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට.!

විදෙස් මාධ්‍ය පවසන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් හත් දෙනෙකු පමණ මියගොස් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පිරිස් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්ත කරයි.

ආරක්ෂක අංශ විසින් සිදුකල වෙඩිතැබීමෙන් වෙඩික්කරුද මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

හිටපු අයගේ කෙරුවාව සහ ජනපති අනුරගේ මූල්‍ය විනය.!

හිටපු අයගේ කෙරුවාව සහ ජනපති අනුරගේ මූල්‍ය විනය.!

පසුගිය වසරවල රජයේ දිනක ආදායම, වියදම සහ ණයගැතිභාවය පහතින් දැක්වෙයි.

*2020 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 3.8ක් වන අතර 2020 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 8.3කි.

ඒ අනුව 2020 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 4.6 පනී.

*2022 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 5.5ක් වන අතර 2022 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 12.3යි.

ඒ අනුව 2022 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 6.7 පනී.

*2023 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 8.4ක් වන අතර 2023 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 14.7යි.

ඒ අනුව 2023 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 6.3 පනී.

*2024 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 11.2ක් වන අතර 2024 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 16.8යි.

ඒ අනුව 2024 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 5.6 පනී.

*2025 වසරේ රජයේ දිනක ආදායම රුපියල් බිලියන 14.85ක් වන අතර 2025 වසරේ රජයේ දිනක වියදම රුපියල් බිලියන 15.83යි.

2025 වසරේ රජයේ දිනක ණයගැතිභාවය රුපියල් බිලියන 0.98යි.

ඒ අනුව වත්මන් ආණ්ඩුව විශාල ණය පරතරය රුපියල් බිලියන 0.98ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කර ඇත.

ජනපති අනුරගේ ඉල්ලීම පිළිගත් පකිස්ථානය ඉන්දියාව සමග තරග බිමට.!

ජනපති අනුරගේ ඉල්ලීම පිළිගත් පකිස්ථානය ඉන්දියාව සමග තරග බිමට.!

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එළඹෙන (15) වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කිරීමේ තීරණය පාකිස්තානය විසින් ආපසු හරවා ගෙන ඇත.

පාකිස්තාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂෙරීෆ් සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක දුරකථන සංවාදයකදී, එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්තාන ඉන්දියානු තරඟය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බලා ඇත.

ෂෙබාස් ෂෙරීෆ්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනකට අනුව, ජනාධිපති දිසානායක පෞද්ගලිකව අගමැතිතුමාගෙන් ඉල්ලා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පාකිස්තාන ඉන්දීය තරඟය ක්‍රීඩා කරන ලෙසයි.

පාකිස්තාන අගමැති ෂෙරීෆ් එම හැඟීම් උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකාවේ නොසැලෙන සහයෝගයට කෘතඥතාව පළ කළේය.

පාකිස්තාන ක්‍රිකට් ලෝලීන් සතුටට පත් කළ සහ ආරක්ෂක ගැටළු හේතුවෙන් වසර ගණනාවක් හුදකලා වීමෙන් පසු ජාතිය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත පණ ගැන්වූ පියවරක් ලෙස ශ්‍රී ලංකාව මෑතකදී පාකිස්තානයේ සංචාරය කිරීම පිළිබඳව විශේෂයෙන් ප්‍රශංසා කළේය.

“ශ්‍රී ලංකාව දුෂ්කර කාලවලදී දැඩි ලෙස සහාය දුන් අතර පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව දිගටම කරගෙන ගියේය” යනුවෙන් අගමැති ෂෙරීෆ් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ නිල ප්‍රකාශයේ සඳහන් වේ.

කථානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට දුන් චෝදනා 08 මොනවාද.?

කථානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට දුන් චෝදනා 08 මොනවාද.?

කථානායකවරයාට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල විභාග කිරීම සඳහා එම කොමිෂන් සභාව තීරණය කළේය.

ඒ අනුව කථානායකවරයාට එරෙහිව නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් චෝදනා 08ක් ඉදිරිපත් කර ඇත.

01. නීති විරෝධී ලෙස වාහන අවභාවිතය.

02. ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම.

03. පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය.

04. නියමිත මුදල ගෙවන්නේ නැතිව පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම.

05. නීති විරෝධී ලෙස විමර්ශන නිලධාරියෙක් පත් කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවන අතර ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීම.

06. නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිත කිරීම.

07. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු දීම නීති විරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කිරීම.

08. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම.

මේ අතර වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ල විභාග කිරීමට ද එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

සෞඛ්‍ය ඇමති විමල්ගෙන් සහ ස්වර්ණවාහිනියෙන් රුපියල් බිලියන බැගින් ඉල්ලයි.!

පසුගිය 2026 පෙබරවාරි 06 වනදා හෝ ඊට ආසන්න දිනයකදී හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ අදාළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට එරෙහිව රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.

අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වනුයේ අමාත්‍යවරයාට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සහ එය ප්‍රචාරය කිරීම යන චෝදනා මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙරටදී අසාධු ලේඛනගත ඖෂධ සමාගම් හිමිකරුවෙකුට අයත් ණය කාඩ්පතක් භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට ඒත්තු යන ආකාරයෙන් සහ හැඟවෙන පරිදි හිටපු මන්ත්‍රීවරයා විසින් ප්‍රසිද්ධියේ කරුණු දක්වා ඇති බව එම නිවේදනයේ සඳහන්.

මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් ස්වර්ණවාහිනී නාලිකාව විසින් 2026 පෙබරවාරි 07 වනදා රාත්‍රී 6.50 ප්‍රවෘත්ති විකාශය ඔස්සේ “Story of the Day” යනුවෙන් විශේෂාංගයක් ලෙස හැඳින්වීමක් ද සහිතව එම පුවත ප්‍රචාරය කර තිබේ.

අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් සිදු නොකළ බවත්, කරුණු දැක්වීමට අමාත්‍යවරයාට එම වැඩසටහන තුළ අවස්ථාවක් ලබා නොදුන් බවත් යොමු කළ එන්තරවාසියේ සඳහන් කර ඇත.

මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බවත්, එය හුදෙක් අමාත්‍යවරයාගේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට හානි කිරීමේ ද්වේශසහගත අරමුණින් සිදු කර ඇති බවත් නීතිඥවරයා මගින් යැවූ ලිපියේ අවධාරණය කර තිබේ.

එබැවින් සිදු වූ හානිය වෙනුවෙන් විමල් වීරවංශ මහතාගෙන් මෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට හිමිකාරීත්වය දරන Ben Holdings (PVT) Ltd සහ EAP Broadcasting Company Limited යන ආයතනවලින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා ඇති අතර, එසේ නොමැති නම් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

මෙරට ළමා අපයෝජන සම්බන්ධයෙන් භයානක අනාවරණයක්.!

ජාතික ළමාආරක්ෂක අධිකාරිය පවසන්නේ ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් මේ වන විට පවරා ඇති බවයි.

ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

එම අධිකාරිය පවසන්නේ 1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බවයි.

ඒ අතරින් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවා තිබූ බව ද ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම නව මිල ගණන් හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර ඇත.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා ඇත.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මත වී ඇත.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි.

ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වම් අඩෛක්කලනාදන් ඊට විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 80 යෝජනා සම්මතය වැඩි ඡන්ද 104කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක දැනුම් දුන්නේය.

හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කරනවා.. අපි විරුද්ධයි.!

හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කරනවා.. අපි විරුද්ධයි.!

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේ හදිසි නීතිය යොදාගෙන විපක්ෂය මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන නිසා හදිසි නීතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තම පක්‍ෂයේ තීරණය කළ බවයි.

එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වී සිටින පිරිස්වලට සහන සැලසීම සඳහා සියලු දෙනාම එකඟ බවත් හදිසි නීතිය ඒ සඳහා අවශ්‍යම ද යන්න කියා තමා ප්‍රශ්න කරන බවද රජිත් මද්දුමබණ්ඩාර ආණ්ඩුවෙන් විමසා සිටියේය.

ඔහු වැඩිදුරටත් ප්‍රශ්නකර සිටියේ දිට්වා සුළි කුණාටුව පැමිණ මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් හදිසි නීතිය ගෙන එන්නේ තවමත් රට යථා තත්ත්වයට පත් වී නොමැති නිසාද යන වගයි.

එදා 1988 දී ජනතා විමුක්ති පෙරමුණ මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය මිනී මරණ කොට ඊට එරෙහිව හදිසි නීතිය ගෙනාවා.

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ හතර නමක් සිරගත කරලා තියෙන්නේ හදිසි නීතිය යොදාගෙන. ඒ නීතිය අනුව තමයි ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත්තේ.

දැන් පොලිසිය කියනවා ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කරගන්නවා නම් විතරයි හාමුදුරුවන්ට ඇප දෙන්නේ කියලා .මේකද රටේ නීතිය කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

විරුද්ධ පක්ෂයේ පිරිස්, ආණ්ඩුවට එරෙහි පිරිස් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන නිසා තමයි හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමට අපි තීරණය කළේ යනුවෙන්ද රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

කවුරු කවදා කුමන තනතුරේ වැජඹුනද ඒ සියලුම දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.!

කවුරු කවදා කුමන තනතුරේ වැජඹුනද ඒ සියලුම දෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.!

රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර, සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ මෙරට ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

එමෙන්ම, කවුරු කවදා කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ සියලුදෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ අනුව මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනා ගන්නා වසර බවට මෙම වසර පත්වනු ඇති බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් අද (06) මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ප්‍රතිලාභීන් 150 දෙනෙක් වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය සිදු කෙරුණු අතර සංකේතාත්මකව ජනාධිපතිවරයා ඒ සඳහා එක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඕනෑම ආණ්ඩුවකට පැවරෙන මූලික වගකීමක්. ආර්ථිකයක් බිඳ වැටුණු විට අපි මොනතරම් ව්‍යසනයකට සහ කරදරයකට පත් වනවාද යන්න පිළිබඳ මනා අත්දැකීමකට අපි මීට වසර දෙක තුනකට පෙර මුහුණ දුන්නා. රෝහල්වල බෙහෙත් නැතිව, තෙල් පෝලිම්වල, කිරිපිටි පෝලිම්වල මේ රටේ ජනතාව දුක් වින්දා. රටක ආර්ථික බිඳවැටීම සමාජයේ සියලු කොටස් ව්‍යසනයකට පත් කරනවා. ඒ නිසා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම අපේ ප්‍රධාන වගකීම බවට පත් වුණා.

දීර්ඝ කාලක් අපේ රට අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තීන් සහ එම ප්‍රතිපත්තින් සමඟ ගැට ගැසී තිබු අල්ලස, වංචා දූෂණ හේතුවෙන් අපේ රට විශාල ආර්ථික බිඳ වැටීමකට ලක් වුණා. එදා මේ රටේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති සිදු වුණේ ආර්ථික අවශ්‍යතාව මත නොවෙයි. දේශපාලන අවශ්‍යතා සහ අයථා ගනුදෙනු වෙනුවෙන්.

මෑතකදී සිදු කළ වාර්තාවක සඳහන් වෙනවා ඉදි කිරීම් ආරම්භ කර අතරමග නතර කළ සහ ඉදිකිරීම් අවසන් කර අතහැර දැමූ රජයේ ගොඩනැගිලි 1800ක් පමණ තිබෙන බවට. එම ඉදිකිරීම් ආරම්භ කළේ රටේ අවශ්‍යතාව මත නොවෙයි. පළාත් ඇමතිවරයාගේ අවශ්‍යතාව හෝ හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දීම වෙනුවෙන්. ඇතැම් ගොඩනැගිලි තිබෙනවා හැදුවට පස්සේ එහි නඩත්තු කටයුතු සිදු කරන්න බැහැ.

නිසි ආර්ථික සැලසුම් නොමැති වීම සහ ඒ ඒ මොහොතේ සිටින දේශපාලනඥයාගේ අවශ්‍යතාව සහ අල්ලස දූෂණය මෙම බිඳ වැටීමට හේතු වුණා. මේ බිඳ වැටීම තවමත් අවසන් වී නැහැ. මෑතකදී මම වාර්තාවක් කැඳවුවා ආර්ථික බිඳ වැටීම නිසා නතර වු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට තිබුණට වඩා කොපමණ වියදමක් යනවද කියා සොයා බැලීමට.

ප්‍රධාන ව්‍යාපෘති 43ක් අතරින් 20ක් පිළිබඳ සොයා බැලීම සිදු කළා. එම ව්‍යාපෘති 20ම 2022, 2023 වසරවල හැදුවා නම් වැය වන්නේ රුපියල් කෝටි 30,000යි. හැබැයි දැන් කෝටි 61,000ක් වැය කිරීමට සිදුව තිබෙනවා. එසේ නම් අලුත් ඇස්තමේන්තුව දෙගුණයක් වී තිබෙනවා. ආර්ථික බිඳ වැටීමේ ප්‍රතිවිපාක අපි අදත් අත් විඳිමින් සිටිනවා.

අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු අපේ ප්‍රමුඛ කාර්ය බවට පත් වුණේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීමයි. එයින් තොරව නීතියේ විධානයේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය, සෞඛ්‍ය, මංවාවත් මේ කිසිවක් ගැන සිතීමට හැකියාවක් නැහැ.

අපි බලයට පත්වීමෙන් පසු මේ රටේ ආර්ථිකය වැදගත් සාධක ගණනාවකින් ජයග්‍රහණය ලැබුවා. අපි රටක් ලෙස ලබන මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි. නමුත් ඉතිහාසයේ සිදු වුණේ ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ ඒ පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසීමයි.

අපිට මහ ජනතාවගේ මුදල් සතයක්වත් පොදි බැඳ ගැනීමේ වුවමනාවක් නැහැ. අපිට අවශ්‍ය මේ රට ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා ජයග්‍රහණ ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාවට බෙදා දීමයි. ඒ නිසා මේ දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් සියලු ජනතාවට සහන ලබා දීම අපේ අරමුණයි.

එම ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකර දීමට, මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සකස් කර දීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපිට ඉන්දියාව, චීනය ඇතුළු මිත්‍ර රටවල සහාය ලැබෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ පෞද්ගලික ව්‍යවසායකයින් අපිට උදව් කරනවා. මේ සියලු දෙනාගේ සහාය ඇතිව මේ ජනතාවට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදා කරදීම අපේ අරමුණයි.

පාලකයන් ලෙසත් රාජ්‍ය සේවයකයන් ලෙසත් ඔබ අප සියලු දෙනාගේ වගකීම වන්නේ එයයි. අපි අධ්‍යාපනය ලැබුවේ මහ ජනතාවගේ මුදල්වලින්. අපි පෙරළා ඔවුන් වෙනුවෙන් වැඩ කළ යුතුයි. මෙම දිට්වා සුළි කුණාටුව හමුවේ රටක් ලෙස වේගයෙන් නැඟී සිටීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් රාජ්‍ය නිලධාරින් විශාල වෙහෙසක් දරා කටයුතු කරනවා. ඒ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා.

අපිට වැදගත්ම දේ ආර්ථික සංවර්ධනය උදා කර ගැනීමයි. ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. අපි අනිවාර්යයෙන් එය සිදු කරනවා. ඒ පිළිබද කිසිවෙක් සැකයක් තබා ගත යුතු නැහැ. අධිකරණය පද්ධතිය, නීතිය පසිඳන ස්ථාන, නීති පරික්ෂණ කරන ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතනවල විශාල බිඳ වැටීම් තිබෙනවා.

එහෙත් එම තත්ත්වය වෙනස් කර එම ආතනය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරින් ඉහළ වැටුප් තලයක පිහිටුවීමට අදාළ කටයුතු අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට සෘජුව නිලධාරින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කර තිබෙනවා.

ඒ වගේම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය සකස් කර තිබෙනවා. ඒ වගේම නීති සම්පාදනය කර තිබෙනවා. අයථා ලෙස උපයාගත් දේපොළ යළි පවරා ගැනීමට අවශ්‍ය නීතිය අපි සම්මත කළා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉතා ඉක්මණින් සංශෝධනය කර අවශ්‍ය නීති ගෙන එනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිය අපි සකස් කරමින් තිබෙනවා. ඒ වගේම මුදල් විශුද්ධිකරණය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය නීති සකස් කිරීමට සාකච්ඡා කර තිබෙනවා. එසේම, රට ශිෂ්ඨභාවයට ගෙන ඒමට අවශ්‍ය නීතිමය සංශෝධන සහ ආයතන ශක්තිමත් කිරීම සිදු කළ යුතුයි.

නීතියේ රේඛාවට යටින් මේ රටේ සියලු දෙනා සිටින බව අපි තහවුරු කළ යුතුයි. කිසි කෙනෙක්ට නීතියේ රේඛාවෙන් උඩට එන්න බැහැ. එවන් රටක් අපිට අවශ්‍යයි. අපි ඒ පරිවර්තනය සිදු කරමින් තිබෙනවා. මෙම පරිවර්තනය හමුවේ නිවැරදි අයට රිදෙන්නේ නැහැ, හැබැයි වැරදි කරන අයට රිදෙනවා. හැමදෙනාටම රට පිළිබඳ යහපත් සංකල්ප තිබෙනවා. නමුත් යහපත් සංකල්ප තිබුණාට ක්‍රියාකාරිත්වයේදී එම යහපත් සංකල්ප ස්වභාවිකව නිර්මාණය වන්නේ නැහැ. අපි හැමදෙනාම පොර බැදුවොත් තමයි එම යහපත් සංකල්පවලට පණක් ලැබෙන්නේ.

කවුරු, කවදා, කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ හැම කෙනාම අපි නීතිය හමුවට ගෙන එනවා. ඒ අනුව මම හිතනවා ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනාගන්නා වසර බවට මේ වසර පත් වෙනවා. ඒ සඳහා ඕනෑම දෙයකට මුහුණ දීමට අපි සුදානම්.

නීතිය තමන්ට අත නොතබයි කියා සමහර අය සිතුවා. ඔවුන් වටා තිබෙන රැස් වළල්ල නීතිය විකර්ෂණය කරනවා කියලා හිතනවා. ඔවුන් වටා තිබෙන රශ්මි කදම්භය නිසා නීතිය පිළිස්සෙනවා කියලා හිතනවා. ඒ නිසා තමයි කිව්වේ “ලොකු අය ඉදිරියේ නීතිය මකුළු දැළක්” වගේ කියලා. ඒ මකුළු දැළට ලොකු අය විතරයි හසු වෙන්නේ, පොඩි අය හසු වෙන්නේ නැහැ. මේ නිසා ගොඩක් අය හිතුවා නීතිය තමන් ළඟට එන්නේ නැති වෙයි කියලා. ඔවුන් අසළට නීතිය ළගා වන විට සිතාගත නොහැකි තත්ත්වයට පත් වෙලා.

හැබැයි ලොකු, පොඩි, උස් මිටි කිසිදු බේදයකින් තොරව නීතිය ඒ හැම දෙනා ළඟටම එනවා. ඒ නිසා බිය යුතු වන්නේ අපරාධකරුවන් මිස හොඳ මිනිසුන් නොවෙයි. අපි මේ රටට කුමන අවස්ථාවක හෝ ඉගැන්විය යුතුයි ඔබ වැරද්දක් සිදු කර තිබෙනවා නම් එම වරද කිසිදා කාලයේ වැලි තලාවෙන් යටපත් කළ නොහැකියි, කුමන හෝ මොහොතක වැරැද්දට දඬුවම් ලැබෙනවා කියලා. එම මතය මේ රට තුළ ඇති කළයුතුයි. එසේ වුවහොත් පමණයි අනාගතයේ ශිෂ්ටසම්පන්න රටක් පිළිබඳ මේ රටේ දරුවන් තුළ බලාපොරොත්තු ඇති වන්නේ. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු කියා මම ඉල්ලා සිටිනවා.”