LIVE
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ පත්කර ඇත.
සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මීට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීම හේතුවෙන් අධ්‍යක්ෂ ධූරය පුරප්පාඩුව පැවතිණි.
