ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීමේ මූල්‍ය වංචාවක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
තමන් සදාචාරසම්පන්න පුද්ගලයෙකු ලෙස පෙන්වීමට උත්සාහ කරමින් අනුන්ට බොරු චෝදනා එල්ල කරන මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව සිදු කෙරෙන මෙම අපරාධ විමර්ශන කිසිසේත්ම දේශපාලනික ඒවා නොවන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
දයාසිරි ජයසේකර ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අතර තමන්ට වැය වූවාට වඩා වැඩි මුදලක් පෙන්වීම සඳහා ව්‍යාජ බිල්පත් සකස් කර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව දැනටමත් විමර්ශන ක්‍රියාත්මක වන බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදි (26) මේ බව සඳහන් කරයි.
“මම දැක්කා දයාසිරි මන්ත්‍රීතුමා, මා සම්බන්ධයෙන් ප්‍රකාශ කරමින් මට විරුද්ධව විනය පරීක්ෂණ නැද්ද කියලා අහනවා. මට විනය පරීක්ෂණ තියන්න මම කරලා තියෙන වරදක් නෑ. හැබැයි ඔහු පහුගිය දවසක මෙතන කියවුණා,
ජනාධිපති අරමුදලේ මුදල් අරගත්තා. ඒ සඳහා විමර්ශනයක් යනවා. ඒ විමර්ශනයට ඔහු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා හොරට හදපු බිල්. තමන්ට වැය වුණායැයි කියලා, වියදමක් දැරුවැයි කියලා ඒ ගත්ත මුදලට වඩා වැඩි මුදලක් තමන් දැරුවැයි කියලා හොර බිල් ඉදිරිපත් කරා.”
