ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සම්බන්ධව දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංකයක හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 0117966366 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
