Advertisements

නළුවෙක්ට නළුකම් පාවිච්චි කරලා බලුකම් කරන්න පුළුවන් ද.?

LIVE

තාත්තලා පුතාලා තමන්ගේ දේශපාලන හයිය සහ බලය පාවිච්චි කරලා රටේ තීන්දු තීරණ ගන්න පුළුවන් නම්, මේ රට තිබ්බ විදිහ කොහොමද කියලා හිතාගන්න පුළුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිදු සමන් හෙන්නායක සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී දිනිදු සමන් හෙන්නායක සඳහන් කළේ,

තාත්තලා, පුතාලා තමන්ගේ දේශපාලන හයිය බලය පාවිච්චි කරලා මේ රටේ නොකරලා තියෙන්නේ මොනවාද.? කාටහරි තීරණය කරන්න පුළුවන් නම්, කවුද හිරේ යන්නේ.? හිරේ ඉන්න කෙනා ජීවත් වෙනවාද නැද්ද.?

අපේ තාත්තා අධිකරණ ඇමති නිසා හිරේ එයාව තියන්නේ කොතනද.? ඒ තැනට අපි මෙන්න මෙච්චර මුදලක් ගන්නවා කියලා පුතෙක් තීන්දු කරන රටක් තිබ්බ නම්, අපේ රට තිබ්බ විදිහ කොහොමද කියලා ඔබට හිතාගන්න පුළුවන් නේ.

ඒ වගේම නළුවෙක්ට තමන්ගේ තියෙන නළුකම් පාවිච්චි කරලා බලුකම් කරන්න පුළුවන් නම් මේ රට ඇතුලේ, හිතාගන්න පුළුවන් මේ රට ගිහිල්ලා තියෙන්නේ කොහොමද කියලා.

ඒක නිසා අපි හිතනවා දේශපාලනිකව තරා තිරම අපි බලන්න ඕන නෑ. දැන් ඉතා හොඳට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන්න අදාළ කරන හොද උදාහරණ තමයි තියෙන්නේ. ඉස්සර හාල්මැස්සෝ විතරයි මේ නීතිය ඇතුලේ තිබ්බේ. දැන් නීතිය තෝරට මෝරට අදාළව ක්‍රියාත්මක වෙනවා.”

2 Comments
Most Voted
Newest Oldest