Advertisements

මත්ද්‍රව්‍ය තොගයක් සමග පාටි දැමු තරුණියන් ඇතුළු 41ක් අත්අඩංගුවට

LIVE

ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 36 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21ත් 40ත් අතර වයස්වල පසුවන ගෙලිඔය, අළුත්වත්ත, වරකාපොල, පේරාදෙණිය, අම්පිටිය, මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 22ත් 43ත් අතර වයස්වල පසුවන පල්ලේකැලේ, පේරාදෙණිය, හඟුරන්කෙත, දෙහිවල, කටුගස්තොට පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කරයි.

තෙල්දෙණිය, වික්ටොරියා ප්‍රදේශයේදී මෙම සාදය පවත්වා ඇති අතර තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්තාවේදී ඔවුන් සන්තකයේ තිබී ගංජා මිලි ග්‍රෑම් 947ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 657ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 276ක්, මල්පෙති 18ක්, නීතිවිරෝධී දුම්වැටි 21ක්, බියර් මිලි ලීටර් 500 කෑන් 35ක්, රජයේ අරක්කු මිලි ලීටර් 750 බෝතල් 13ක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

0 Comments
Most Voted
Newest Oldest