පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ මූලික බලාපොරොත්තුව බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එහි නිල දිනය තීරණය වන්නේ පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ලබා ගන්නා කාලය මත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
පසුගිය පාලන සමයන්හිදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් හඳුන්වා දුන් ව්‍යාකූල නීතිමය තත්ත්වයන් හේතුවෙන් වසර ගණනාවක සිට මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අඩාල වී තිබුණේය.
අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
