Advertisements

ලංකාවේ අපනයන ආදායම මාස හයෙන් ඩොලර් බිලියන 9 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස 06 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 09 සීමාව ඉක්මවා ඇත.

2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 9,012.24ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය පසුගිය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 8%ක වර්ධනයකි.

2026 වසරේ පළමු මාස හය තුළ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,073.31ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 8.95%ක වර්ධනයකි.

තවද එම කාලය තුළ සේවා අපනයන අංශයද සියයට 4.49ක වර්ධනයක් අත්කර ගනිමින් අමෙරිකානු ඩොලර් මිලියන 1,938.94ක ආදායමක් උපයා ඇත.

2026 ජූනි මාසයේදී සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,658.62ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය 2025 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 12.53%ක වර්ධනයකි.

ඉන් භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,314.10ක් ලෙස සටහන් වී ඇති අතර එය 15.09%ක වර්ධනයක් වන අතර සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 344.52ක් ලෙස සටහන් වී ඇති අතර එය 3.75%ක වර්ධනයකි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest