හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර නැවතත් ජුලි (08) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස (08) වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
එදින තෙක් සුගීෂ්වර බණ්ඩාර තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.
