Advertisements

කටුවාන ගින්නේ අලුත්ම තත්ත්වය.. පිරිසක් කොටු වී ඇත්දැයි සැකයක්

අද (21) දින උදෑසන හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට දැඩි පරිශ්‍රමයක් ගනිමින් සිටියි.

ගින්න ආරම්භ වූ මොහොතේ එහි සිටි පිරිසක් එක් දොරටුවකින් එළියට රැගෙනවිත් ඇති අතර තවත් පිරිසක් පිටුපස දොරටුවෙන් ඉවතට යන්නට ඇති බවට සැක පළ කරන බවත් තවත් පිරිසක් ගින්නට කොටු වී ඇද්දැයි සැක මතුව ඇත.

ගින්න සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් සමස්ත ප්‍රදේශයම ඝන කළු දුමාරයකින් වැසී ගොස් ඇති අතර පැතිර යමින් පවතින ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ සහ දෙහිවල නගර සභාවලට අයත් ගිනි නිවන රථ හයක් මේ වන විටත් ස්ථානගත කර ඇත.

ගින්න පැතිරීම වැළැක්වීම සඳහා ගිනි නිවන හමුදාව සහ පොලීසිය එක්ව මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest