කෙහෙළිය කළ වංචාවට මරණ දඬුවම ඉල්ලයි.!

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බන්ධනාගාර ගතකළ කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

කෙහෙළිය රඹුක්වැල්ල කල එම වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට මරණ දඬුවම දිය යුතු බවද වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

මෙතරම් දිනක් පරීක්ෂණ වලට ජනාධිපතිවරයා බලපෑම් කර නොකර අමාත්‍යවරයාට දඬුවම් දීමට ඉඩදුන් බවත් ජනාධිපති කාර්යාලයේ අය ගැන හෙළිවුවහොත් ඒ ගැනද බලපෑම් නොකර හිටියොත් වඩාත් හොඳ බවද සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

කෙහෙළිය රඹුක්වැල්ල නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවත් මෙම වංචාව හෙළි වූයේ නැත්නම් තවත් කෝටි සීයේ වංචා කොපමණ කරාවිදැයි නොදන්නා බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

දූෂිතයන්ට දඬුවම් දෙන්නට උඩ පුටුවල අය බලපෑම් කරන්නේ නැතිනම් දැනට ඇති නීති පද්ධතිය හොඳටම ප්‍රමාණවත් බවද අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS