ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හරහා දරුවන් සඳහා එන්නත් ලබාදීම මඟින් රෝග බොහෝමයක් පාලනය කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් පසුගිය වසර 15ක කාලය තුළ මෙරට ජනතාවගේ ආයු කාලය ඉහළ ගොස් ඇති බවද එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කරයි.
වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ,
“ලෝක ප්‍රතිශක්තිකරණ සතිය අපි සමරණවා (24) සිට (30) දක්වා. ලංකාව ඉතාම ඉහළ තලයක තියෙනවා ප්‍රතිශක්තිකරණය අතින්. 1978 ඉඳලා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අපේ රටේ ක්‍රියාත්මක වෙනවා.
ඒ නිසා එන්නත් මඟින් දරුවන් ආරක්ෂා වෙලා තියෙනවා. පෝලියෝ, Neonatal tetanus සහ රුබෙල්ලා වගේ රෝග ලංකාවෙන් තුරන් කිරීමට සමත්වුණා. එන්නත් නිසා අනෙකුත් රෝග අපිට වළක්වා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.
මේ නිසා පසුගිය වසර 15 තුළ ආයු කාලය වැඩි වෙන්න සහ දරුවන්ගේ මරණ අනුපාතය අඩුවීමට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වැදගත් වෙලා තියෙනවා.”
හෙට (24) දිනයේ සිට ආරම්භ වන ලෝක ප්‍රතිශක්තිකරණ සතියට සමාගමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය පාලිත කරුණාපේම මේ බව සඳහන් කරයි.


