පසුගිය 2010 වසරෙන් පසුව විශාල වශයෙන් වංචා හා දූෂණ සිදුවූ බවත් හිතුමනාපෙට මිනිස්සු සල්ලි හොයාගත්ත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කර රටට විශාල සංවර්ධනයක් ගෙන ආ නමුත් වංචා දූෂණ වැනි අර්බුද හේතුවෙන් 2015 වසරේදී පරාජයට පත්වු බවද මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.
මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ,
“මහින්ද යුද්ධයට යුදමය විසඳුමක් දෙනවා. රටේ තිබ්බ යුද්ධය ඉවර කරනවා යුද්දෙන්. ඊට පස්සේ මිනිස්සු තීරණය කරනවා 2010 යළි ජනවරමක් දෙන්න. වැඩක් කළා දුන්නා. වැඩක් කළා සාම ගිවිසුමෙන්.
රනිල් ලෝකෙට අරන් ගිහිල්ලා කරුණව කඩලා සාම සාකච්ඡා වලට අරගෙන ප්‍රභාකරන්ව එළියට අරගෙන ආර්ථිකය වැටිලා තියෙන වෙලාවේ යන්තම් ආර්ථිකය යුද්දෙ බ්‍රේක් කරගෙන මෙහෙන් ආර්ථිකය උස්සලා වැඩක් කළා රනිල්.
හැබැයි මිනිස්සු අකමැති වුණා. පැරැද්දුවා. මහින්ද යුද්දේ දිනුව. 2010 ආයේ ජන්දේ දිනුවා. 2010න් පස්සේ හයිවේ ටික හැදුවා, පාරවල් හැදුවා. වංචා දූෂණ විශාල ප්‍රමාණයක් ඒ කාලසීමාවේ සිද්ධ වුණා. දැනුත් ඒ චෝදනා පිළිබඳව සැරින් සැරේ එනවා.
හිතුමනාපෙට මිනිස්සු සල්ලි හොයා ගත්තා. ඒ හොයපු දේවල් අපිව නැහැයි කියන්නේ නැහැ. හැබැයි එයා මේ පාරවල් හදලා හයි වේස් හදලා, පාරවල් කාපට් කරලා, පෝර්ට්සිටිය හදලා වැඩ වගයක් කළා. කරද්දි කරද්දි කරද්දි වෙච්ච අතපසුවීම් නිසා 2015 පැරැද්දුවා.”
