Advertisements

වහාම බදු ගෙවනවාද.? නැද්ද.? අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග

රුපියල් මිලියන 5800ක වැට් බදු මුදල ගෙවීම පැහැර හැර සිටින ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි ඉදිරියේ කැඳවනු ලැබුවෙිය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරු වශයෙන් නම් කර සිටින අදාළ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

එහිදී නිදහසට කරුණු නොකියා, ගෙවීම පැහැරහැර තිබෙන බව කියන රුපියල් මිලියන 5800ක වැට් බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය (26) දින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියම කර ඇත.

එහිදී බදු ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති නිසාත් විශාල බදු මුදල් ප්‍රමාණයක් නොගෙවා පැහැරහැර හිඟ තබා ඇති නිසාත් විත්තිකරුට තවදුරටත් සහන සලසා දීමට හැකියාවක් නොමැති බව දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා සඳහන් කළේය.

අනතුරුව ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ බදු මුදල් වහාම ගෙවා අවසන් කරන ලෙසත් බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද.? නැද්ද.? යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේ ස්ථිර ලෙස කරුණු දක්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පසුව මෙම නඩුකරය සැප්තැම්බර් (30) වනදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest