කැබිනට් බලතල සහිත පළාත් ඇමතිවරුන් පත් කරන්න සැරසෙයි.!

ආණ්ඩුව විසින් පළාත් ඇමැතිවරුන් කිහිප දෙනකු පත්කිරීමට අවධානය යොමුව ඇති බවත් එම පළාත් ඇමැතිවරුන්ටද කැබිනට් අමාත්‍යවරුන්ට හිමි සියලුම බලතල හා වරප්‍රසාද ලබාදීමට නියමිත බවද වාර්තා වේ.

හදිසි අවශ්‍ය අවස්ථා වලදී මෙම නව පළාත් ඇමැතිවරුන්ට කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වීමට හැකිවන පරිදි එම පත්කිරීම් සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව විසින් පළාත් ඇමැතිවරුන් පත් කිරීමට සූදානමින් සිටින්නේ බැසිල් රාජපක්ෂ නියෝජනය කරන කණ්ඩායමේ ඉල්ලීම ඉටු කිරීමට අනුව බවද බොහෝ පිරිසකගේ අදහස වී ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS