Advertisements

රටින් පනින්න හැදූ කොළඹ හිටපු නගරාධිපතිගේ පුතා අත්අඩංගුවට

LIVE

හොර රහසේ රටින් පනින්න හැදූ කොළඹ හිටපු නගරාධිපතිගේ පුතා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු කොළඹ නගරාධිපති මොහොමඩ් මුසාමිල්ගේ පුත්‍රයා වන මොහොමඩ් නිෂාම් ජමල්ඩීන් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

47 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මූල්‍ය සහ වංචා අපරාධ විමර්ශන අංශය විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාලව පනවා තිබූ ගුවන් ගමන් තහනමක් තිබියදී රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇත.

0 Comments
Most Voted
Newest Oldest