LIVE
ශ්‍රී ලාංකීය රසවින්දනීය ගීත කලාවට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනීයගේ අභාවය හේතුවෙන් ජාතික ශෝක දිනයන් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව අගෝස්තු (21), (22) සහ (23) යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
