Advertisements

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්.. පොලීසියෙන් වෙඩි

අද (06) දින මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇත.

මේ වනවිට ඇතිවූ නවතම ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට ආසන්න බව වාර්තා වන අතර ඔවුන් මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇත.

මෙම ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද වාර්තා වේ.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest