LIVE
දෙමාපියන්ට බරක් නොවෙන, දරුවන්ට වධයක් නොවෙන, රජයේ වගකීමක් බවට පත්වෙන නව අධ්‍යාපන ක්‍රමයක් රටට හදුන්වා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් කරන්න ඕන. අපේ අධ්‍යාපනය ඇවිල්ලා මොකක්ද.? දෙමාපියන්ට බරක්, දරුවන්ට වධයක්. අපි ලබන අවුරුද්දේ පටන් ගන්නවා හය ශ්‍රේණියෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ.
දෙමාපියන්ට බරක් නොවෙන, දරුවන්ට වධයක් නොවෙන, රජයේ වගකීමක් බවට පත්වෙන නව අධ්‍යාපන ක්‍රමයක් අපේ රටට ගේනවා. අන්න එතකොට දෙමාපියන්ට මොකද වෙන්නේ. එහෙම තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ.”
