යතුරුපැදි සඳහාම වෙන්වූ මංතීරුවක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
වාහනවලට එම මංතීරුවට ඇතුළු වෙන්න බැරිවෙන විදිහට තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගනිමින් එම මාර්ගය වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,
“අපි උත්සාහ කරනවා, නගර ආශ්‍රිත A හා B මාර්ගවල ආරම්භයේදී බයිසිකල් සඳහා වෙන් වෙච්ච වෙනම මංතීරුවක් වෙන් කරන්න. දැනුත් තියෙනවා සමහර පාරවල් වල අඩි තුනක් විතර පළල.
අඩි තුනක් පළල මංතීරුව භාවිතා කළ හැකියි. නමුත් අපි දන්නවා ටිකක් බයිසිකල් වැඩි තැන්වල නගර ආශ්‍රීතව, බයිසිකල් දෙකක් හෝල්ටෙක් කරන්න බෑ. එතකොට වෙන්නේ මිනිස්සු පාරට එනවා.
අපි උත්සාහ කරන්නේ, මැලේසියාව වැනි රටවල තිබෙන විදිහට අඩි හයක්, නවයත් අතර මංතීරුවක් ප්‍රධාන මාර්ගයේම බයිසිකල් සඳහා පමණක්ම වෙන් කරන්න. එතකොට ආරක්ෂිතව, තමන්ට අවශ්‍ය සාධාරණ නීත්‍යනුකුල වේගයෙන් යන්න පුළුවන්.
අපේ බලාපොරොත්තුව මේක යමිකිසි ආකාරයකට වෙන්කර තබන්න. වාහන වලට එම මංතීරුවට ඇතුළු වෙන්න බැරිවෙන විදිහට යම්කිසි තාක්ෂණික ක්‍රමයකට වෙන් කරන්න.”
