අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.
අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට ගත් බවට අද (09) අධිකරණයට කරුණු වාර්තා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
බාලවයස්කාර දැරියක් අපයෝජනය කලැයි කියන සිද්ධිය සම්බන්ධව අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ලවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරීය ඊයේ (08) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී සැකකාර හිමිනම අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය නියෝග කළේය.
