LIVE
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චූදිතයින් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස (22) වැනිදා ප්‍රකාශයට පත්කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.
ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,000 කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම පසුගිය (17) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කළේය.
