ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

රටේ ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව අවසන් අදියරේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

පාස්කු නඩුවේ චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවෝ 3,000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණ වල ඉන්න ඉහළම විනිසුරු තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ. ඔහුට තමයි ඊළග, ඔබතුමාලා කියන පරිදිම අභියාචනාධිකරණයට යාමට අවසථාව තියෙන්නේ.

මා හොයලා බලපුවාම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක්. එනිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා අභියාචනාධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා.

එතුමා පත් නොකර හිටියොත් එතුමා විශේෂ නඩුවක වාඩිවීම. එතුමාට අසාධාරණ ලක්වන කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළග ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට බලපෑම ඇති නොවෙන්නේ කියලා.

මම ඒකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවෙලා තියනවා. ඒ දෙක අතර සංසන්දනය කර බැලුවාම. එනිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක්, අභියාචනාධිකරණය හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට ගෙනයාම නොසුදුසු කියලා මම කල්පනා කරා.

එනිසා, කිසිදු, මම ඉතා අවංකව කියන්නේ, පුද්ගලයෙක් යන තෙක් බලාගෙන, පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවෙයි. පුරප්පාඩු තිබුණ සමාජයේ විශාල අවදානයට යොමුවුණු පාස්කු නඩුව පිළිබඳව අවසන්, මම දැක්කා අදත් වාර්තාවෙලා තිබුණා ඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියන වාර්තා පළවෙලා තිබුණා.

මම හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ තියන හොදම නිදර්ශකය කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකය ඒක කියලා මම හිතනවා. මට ඕන්නම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා.

චෝදනා 23,000ක්. සාක්ෂිකරුවෝ 3,000ක්. කවුද ඊළගට මේ නඩුව ඇවිල්ලා අහන්නේ. කවදාද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට. ඒක තමයි ඒක පිළිබඳ තිබුණේ. නමුත් ඒක විසින් යම් කෙනෙකුට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදුවෙන බව මා දන්නවා. ඒක සාපේක්ෂයි.”

නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest