ළමුන් 191ක් ඝාතනය කළ ආගමික නායකයා.!

ළමුන් 191 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙන්යාවේ ක්‍රිස්තියානි ආගමික නායක Paul Nthenge Mackenzie සහ තවත් සැකකරුවන් 29 දෙනෙකුට එරෙහිව Malindi මහාධිකරණය විසින් චෝදනා ගොනු කර ඇත.

පසුගිය වසරේ Paul Nthenge Mackenzie සහ ඔහුගේ ගෝලයන් මරණ ආගමක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වී ඇති අතර නැගෙනහිර කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් සිරුරු 400කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත.

ගුඩ් නිවුස් ඉන්ටර්නැෂනල් පල්ලිය පවත්වාගෙන ගිය Paul Nthenge Mackenzie ඩූම්ස්ඩේ ඇදහිල්ලකට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වන අතර ඔහු තම අනුගාමිකයින්ට තමන් සහ දරුවන් කුසගින්නේ තබා මරණයට පත් කරන ලෙස උපදෙස් දී ඔවුන්ට ස්වර්ගයට ළඟා විය හැකි බව සදහන් කර ඇත.

එම මියගිය සිරුරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වල ප්‍රතිඵල වලින් හෙළිවී ඇත්තේ ගොඩගත් සිරුරු බොහොමයක් සාගින්නෙන් මිය ගොස් ඇති අතර අනෙක් අය ගෙල සිරකිරීමේ සලකුණු තිබූ බවද විමර්ශකයින් සදහන් කරයි.

කෙසේ වෙතත් Paul Nthenge Mackenzie සහ අනෙක් සැකකරුවන් 29 දෙනා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඔවුන් නිවැරැදිකරුවන් බව පිළිගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS