කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැති බවත් කවුරු ඇඬුවත් ඒක අපට පේන්නේ නැති බවත් අපි ඇස් බැඳගෙන සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එනිසා කවුරු කුමන තරාතිරම්වල සිටියත් බලය පාවිව්වි කරමින් සිදුකළ අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක වෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“නීත්‍යානුකූලව විර්මශන කරලා, අධිකරණයට ගිහින් නඩුවක් විභාග කරලා දඬුවම් දෙන එක ආණ්ඩුවේ කාර්‌යභාරයයි. අපි ඒ පරිසරය සම්පූර්‌ණයෙන්ම සකස් කරලා දීලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ පරීක්ෂණ කරන නිලධාරීන් සහ අධිකරණය හමුවේ.
නීතිය විධිමත්ව සිද්ධ වෙනවා. අපි ඒ වෙනුවෙන් ඇස් බැඳගෙන ඉන්නේ. කවුරු ඇඬුවත්, කොහොම ඇඬුවත් අපිට ඒක පෙනෙන්නේ නැහැ. පුතා ගිහින් තාත්තා ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. නැන්දම්මා අසනීපෙන් කියලා ලේලි ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ.
අනුරාධපුරේ ඉන්න නෝනා ඇතුළේ, මහත්තයා එළියේ ඇඬුවට අපිට පෙනෙන්නේ නැහැ. මොකද, අපි ඒ ආයතනවලට ස්වාධීනව වැඩ කරන්න බලතල දීලා තියෙන්නේ. කවුද, කින්ද, මන්ද කියන එක අපිට වැඩක් නැහැ. බලය පාවිච්චි කරලා කරපු අක්‍රමිකතා වලට නීතිය ක්‍රියාත්මක වෙනවා.”
