Advertisements

චොකා මල්ලී කොකා පෙන්වා රටින් පනී

LIVE

පසුගියදා අධිකරණය විසින් විදෙස් ගමන්  තහනමක් පනවනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර දිවයිනෙන් පිටව ගොස් ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස (21) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය.

කෙසේ වෙතත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පැනවීමට පෙර ප්‍රේමලාල් ජයසේකර දිවයිනෙන් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අනාවරණය කරගෙන ඇත.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුලින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරඳකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකරට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කළේය.

අනතුරුව එම දඩුවමට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බැවින් එම තීරණය බලරහිත කර දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේය.

1 Comment
Most Voted
Newest Oldest