Advertisements
Advertisements

නීතීඥ සංගමයේ සභාපතිට වහාම ඉල්ලා අස්වෙන්න කියයි

LIVE

දේශපාලන අවශ්‍යතාව මත මෙරට ප්‍රමුඛතම වෘත්තීය සංවිධානයක් වන ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෙහෙයවන එහි සභාපති නීතිඥ රජිව් අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතු බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය අද (24) දින එම සංගමය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී නිහඩ විරෝධතාවක නිරත වු අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ වත්මන් සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙහෙය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් බැවින් වහාම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය සමකැඳවුම්කරු නිරුක්ෂ කුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

නීතීඥ සංගමයේ සභාපතිවරයාගේ හැසිරීම අපි දැක්කා. ඔහු සම්පුර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් වල ඔහු යෙදුනේ. ඔහු දේශපාලන රූකඩයක් බවට පත්වෙලා. නීතීඥ සංගමයට නොගැලපෙන ආකාරයට තමයි ඔහු කටයුතු කරේ.

අපි දැක්කා ඔහු රනිල් වික්‍රමසිංහ එක්ක පසුගියදා යම්කිසි සාදයකට ගිහිල්ලා හවානා සුරුට්ටුවක් බිබී ඔහුත් එක්ක බොහොම ලබැදියාවෙන් ඉන්නවා. එහෙම ඉන්න කෙනෙක් තමයි මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කරන්නේ.

අපිට බොහොම පැහැදිලියි නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙහෙය වන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂය කියන කණ්ඩායම්. එනිසා අපි කියන්නේ වහාම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුයි.”

0 Comments
Most Voted
Newest Oldest