වර්තමානය වනවිට දේශපාලන පක්ෂ වලට සීමා හා හිරිහැර කිරීම් මෙන්ම හේතුවක් නොමැතිව දේශපාලනඥයින් අත්අඩංගුවට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය, විපක්ෂය සහ නිදහස් වෘත්තිය සමිති මර්දනය කිරීමේ ව්‍යාපාරයක නිරත වන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
ඒ අනුව රජය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය මර්දනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බවත් මේ වනවිට නිතීඥ සංගමයට, වෛද්‍යවරුන්ට සහ භික්ෂුන් වහන්සේලාට එරෙහිව කටයුතු කිරීමට පටන් ගෙන ඇති බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
සංඝයා වහන්සේට එරෙහිව ගෙනියන ව්‍යාපාරය විශාල ප්‍රශ්නයක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ බුද්ධාගම ආරක්ෂා කිරීමට අවශ්‍ය බැවින් අපි සියලු දෙනාම එකතු විය යුතු බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,
“විශේෂයෙන්ම පක්ෂයක් හැටියට 22 සංශෝධනයට විරුද්ධ වුණේ එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියා සඳහන් නොකරපු නිසායි. එයින් අපි උසාවියෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටියා එමගින් එහි නීත්‍යානුකූලභාවය ඇති කරන්න පුළුවන්.
එහෙත් අද ගෙනියන වැඩසටහන්වලින් එක එක කණ්ඩායම් දේශපාලන පක්ෂවවල සීමා හා හිරිහැර කිරීම්, ඒ වගේම දේශපාලනඥයින් හේතු නැතිව අත්අඩංගුවට ගැනීම් දැක ගත හැකියි. මේ හැක එකකින්ම බලන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂය නැති කරන්නයි.
ඒ වගේම නිදහස් වෘත්තිය සමිති නැති කර දමන්නයි. නිතීඥ සංගමයට එරෙහිව පහර ගහනවා, වෛද්‍යවරුන්ට එරෙහිව පහර ගහනවා, ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් වෙන්නේ සංඝයා වහන්සේට එරෙහිව ගෙනියන ව්‍යාපාරයයි. මේ සියල්ලම මගින් රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් නැති කරනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කරන්න ඉඩ දෙන්නේ නෑ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම නිතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා කැඳවපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නේ නෑ. අන්න එහෙම ක්‍රියාමාර්ග සිදුව තිබෙනවා. ඒවා සැලකිල්ලට අරගෙන බැලුවාම කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ.?
පාර්ලිමේන්තුවෙන්ද නැත්නම් පැලවත්තෙන්ද.? එහෙම ප්‍රශ්න තිබෙන අවස්ථාවක ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ආරක්ෂා කරන්න ඕනේ, නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කරන්න ඕනේ. අපි සියලු දෙනාම එකතු වෙමු. 1946දී ඔක්කොම එකතු වෙලා නිදහස් ලංකාවක් ඇති කළා.
අදත් ඔක්කොම එකට ක්‍රියාත්මක වෙමු රටේ පරමාධිපත්‍ය ආරක්ෂා කරගනිමු.”
අද (06) දින එක්සත් ජාතික පක්ෂ 80 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.
