අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා ආහාර මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගම සඳහන් කරයි.
ඒ අනුව කෑම පාර්සලයක් (බත්) රුපියල් 15කින් අඩු කරයි.
ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින් අඩු කරයි.
කෙටි ආහාර රුපියල් 5කින්, පරාටා රුපියල් 5කින් සහ බිත්තර රොටියක් රුපියල් 5කින් අඩු කරයි.
කිරි තේ එකක් රුපියල් 5කින් සහ ප්ලේන්ටී එකක් රුපියල් 5කින් අඩු කරයි.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.
