LIVE
දරුවන්ගේ සනීපාරක්ෂක්ෂාව හා මව්වරුන්ගේ සුවපහසුව වෙනුවෙන්, කිරි දෙන මව්වරුන් සඳහා සැකසු විශේෂ කාමරයක් නුවරඑළිය බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කළේය.
ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙනි.
කුඩා දරුවන් රැගෙන නගරයට එන බහුතරයක් මව්වරුන්ට කිරි ලබාදිම සදහා සුදුසු ස්ථානයක් නොමැති වීම මත මව්වරුන් සහ දරුවන්ට වන අපහසුව මගහැරවීම වෙනුවෙන් නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගේ මගපෙන්වීම මත මෙම ළදරු කිරිදීමේ කමරය සකසා ඇත.
