LIVE
එළඹෙන ඔලිම්පික් උළෙලේදී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ගෝල්ඩ් මෙඩල් එකක් ලබාදෙන බව ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සඳහන් කරයි.
ක්‍රීඩක රුමේෂ් තරංග සඳහන් කළේ,
“කවදාහරි බලාපොරොත්තු වුණා අනිවාර්යෙන් මේ වගේ තැනකට එන්න. බලාපොරොත්තු වෙනවා මීට වඩා ලොකු තැනකට යන්න. මොකද ෆයිනල් එක තියෙන්නේ ඔලිම්පික් මෙඩල් එක.
මොකද ලංකාවට නැත්තේ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක්. අනිවාර්යෙන් මම ඒකත් ලංකාවට අනිවාර්යෙන්ම ලබාදෙනවා.”
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 01 ක්‍රීඩකයා බවට පත්ව ඇත.
ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත.
