LIVE
රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (25) කැඳවයි.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එම නඩුව නොවැම්බර් (27) වැනිදා යළි කැඳවන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කළේය.
