Advertisements
Advertisements

මට ඇම්බියුලන්ස් එපා.. මම එහෙම නායකයෙක් නෙමෙයි

LIVE

තමන් යන රැස්වීම් වලට ඇම්බියුලන්ස් එකක් අරගෙන යන්නේ නැති බවත් තමන් එවැනි නායකයෙක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

ඇයි අර ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා ඉන්නේ මෙතනට. ඒ මොනාටද. යන්න කියන්න. මෙතනට අවශ්‍ය නෑ. කරුණාකරලා රෝහලට යන්න කියන්න. කවුරුත් ලෙඩෙක් නෑ නේද. මොනාටද ගෙන්නන්නේ.

සමාවෙන්න මේ ඇම්බියුලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා මං දන්නෑ මොකද කියලා. මොකද මම යන යන රැස්වීම් වලට ඇම්බියුලන්ස් උස්සන් යන නායකයෙක් නෙමෙයි මම. කරුණාකරලා යන්න රෝහලට.

මොකක්ද මේ මගුල්ගස්වැව රෝහල නේද. යන්න ඒකටම. මෙතන ඉන්න එපා. ගිලන්රථ තියෙන්නේ ගිලන්වෙච්ච අයට ප්‍රතිකාර කරන්න. ඒ අය රෝහලට ගෙනියන්න. දෙයියන්ගේ පිහිටෙන් තාම මට ගිලන්භාවයක් නෑ.”

2 Comments
Most Voted
Newest Oldest