පාස්කු ත්රස්ත ප්රහාරය සම්බන්ධ විමර්ශන වලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්රකාශයට පත් කිරීම ලබන (22) වැනිදා දක්වා කල් තබා ඇත.
අදාළ නියෝගය අද (14) ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී ඇත්තේ එය ලබන (22) වැනිදා ප්රකාශයට පත් කරන බවයි.
බෙන්ගමුවේ නාලක හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළේය.

