රක්ෂිත බන්ධනාගාරගතව දැනට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව ප්රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්ය මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර ඇත.
ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි ප්රතිකාර තක්සේරු කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන ඇත.
අධිකරණය මගින් ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, මුලින් ඇති වූ අක්ෂි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික අක්ෂි රෝහලටත්, පසුව බන්ධනාගාර වෛද්ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් ඇතුළත් කළේය.
කෙසේ වෙතත් සිදුකරන විමර්ශන වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ ලබන (16) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.

