ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු මාස 6 (ජුනි 30 දිනෙන් අවසන් වූ කාලය) සඳහා නියමිතව තිබූ ආදායම් ඉලක්කය ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය තුළ රුපියල් බිලියන 1373.7ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කරයි.
මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5ක් වූ අතර රේගු දෙපාර්තමේන්තුව එම ඉලක්කය අබිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.
මෙම වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206කි.
