නවීන ලෝකයට ගැලපෙන ලස්සන යුනිෆෝම් එකක් පොලීසියට ලබාදීම සඳහා මේ වනවිට ඩිසයින් කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“සහන ලැබිය යුතු අයට අස්වැසුම වැඩි කරා. අස්වැසුම දෙන කාලය දීර්ඝ කරා. මහපොල ශිෂ්‍යාධාරය දෙගුණයකට ආසන්නයෙන් වැඩි කරලා තියෙනවා. ගොවියාට දීපු පොහොර සහනාධාරය රුපියල් 15,000, 30,000 කරා.
තේ සහනාධාර ලබාදුන්නා, රබර් සහනාධාර ලබාදුන්නා. මේ ආදි හැටියට සහනාධාර දෙන්න පුළුවන් ඒවත් ලබාදෙනවා. වකුගඩු දීමනා, තැලිසීමියා දීමනා, වැඩිහිටි දීමනා ඒවත් ලබාදෙනවා. මේ සේරම කරන්නේ, ජනතාවගේ බදු මුදල් පෙරලා ජනතාවටම සේවය කරන්න ඕන.
කලින් තිබුණේ මේවා දේශපාලඥයන් වෙනුවෙන් වියදම් කරපු දේවල්. දැන් ඒ ඔක්කොම නතර කරලා ඔබ වෙනුවෙන් වියදම් කරනවා. අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරා. දැන් ඇමතිවරු වාහන පෝලිමක් තියාගෙන යන්නේ නෑ. ආරක්ෂකයෝ පිරිවරාගෙන යන්නේ නෑ.
පොලීසියේ හිටපු කට්ටිය ඔක්කොම අය පොලීසියට දුන්නා. ඒත් පොලීසියට මදි. එනිසා තව 10,000ක් පොලීසියට බදවා ගන්නවා ලගඳීම. පොලීසියේ ඉන්න සියලු දෙනාටම හොද ලස්සන යුනිෆෝම් එකක් ඩිසයින් කරගෙන යනවා. නවීන ලෝකයට ගැලපෙන යුනිෆෝම් එකක්.”
