පසුගියදා ඇතිවු බන්ධනාගාර සිදුවීම් ටික හැරුනුකොට රටේ මහජනයාගේ කිසිදු උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල නොකළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මේ වනවිට තිබෙන කඳුළු ගෑස් කල්ඉකුත් වී තිබෙන බවට පොලිස්පතිවරයා දැනුම් දුන් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“මතක තියාගන්න. බන්ධනාගාර සිදුවීම් ටික හැරුනුකොට මහජනයාගේ කිසිදු උද්ඝෝෂණයකට මේ අවුරුදු දෙක එක කඳුළු ගෑස් එකක් නොගහපු, බැටන් චාර්ජ් එකක් නොදුන්නු, වතුර බවුසරයකින් වතුර නොගහපු අවුරුදු දෙක.
කොතනකවත් බැටන් පහරක් එල්ල කරලා නෑ. වතුර ගහලා නෑ. කඳුළු ගෑස් ගහලා නෑ. දැන් පොලිස්පතිතුමා මට කියනවා, මාර වැඩේ ජනාධිපතිතුමා වෙලා තියෙන්නේ කඳුළු ගෑස් එක්ස්පයර් (Expire) වෙලා. ඇත්ත මේ කියන්නේ.
ඇයි, ජනතාව සහ පාලකයා අතර සම්බන්ධයක් තියෙන්න ඕන. ඒක තමයි දේශපාලනය කියන්නේ. අපේ රටේ තිබුණේ කළු දේශපාලනයක්. පාලකයාට බය ජනතාවක්.
පාලකයාට විරුද්ධව ලිවුවොත් මැරුවා මතක තියාගන්න. මහ පාරේ වෙඩි තියලා මැරුවා. ආයතන වලට බෝම්බ ගැහුවා. මේ කළු කැත දේශපාලනය මේ වෙනස් කරන්නේ. අද අපිට විවේචනය කරන්න පුළුවන්. අපට බනින්න පුළුවන්.”
