සුරේෂ් සලේ දැනට පසුවන්නේ ඉතාමත් අවදානම් සහගත සෞඛ්‍ය තත්ත්වයක බවත් ඔහු වහාම රක්ෂිත බන්ධනාගාරය වෙත මාරු කර යවන ලෙස සුරේෂ් සලේගේ බිරිඳ සඳහන් කළාය.
තමන් කිසිසේත්ම ඔහුට එරෙහිව සිදු කෙරෙන විමර්ශන හෝ පරීක්ෂණ නතර කරන ලෙස ඉල්ලා නොසිටින බවත් ඕනෑම පරීක්ෂණයක් දිගටම කරගෙන යන ලෙසද සුරේෂ් සලේගේ බිරිඳ සඳහන් කළාය.
සුරේෂ් සලේට අද (27) පෙරවරුවේ පපුවේ හටගත් වේදනාවක් වැළඳීම හේතුවෙන් ඔහුව හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති බව සුරේෂ් සලේගේ බිරිඳ සඳහන් කළාය.
එහිදී වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද විශේෂ පරීක්ෂණවලින් පසුව ඔහුට පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව අධි අවදානම් ගණයට ඇතුළත් කර ඇති බවද ඇය සඳහන් කළාය.
අමාත්‍යවරුන් පිටතින් කුමන ප්‍රකාශ සිදු කළත් සුරේෂ් සලේගේ සැබෑ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මැනවින් දන්නේ රෝහල ඇතුළත සිටින වෛද්‍යවරුන් පමණක් බවද ඇය සඳහන් කළාය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුරේෂ් සලේගේ බිරිඳ මේ බව සඳහන් කරයි.
