ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවත් මහ මැතිවරණය සඳහා සූදානම්.!


දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වී තිබුනේ, දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම නොයෙක් ඩයස්පෝරා රටවල ආරම්භ වී ඇති බවයි.

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව යනු ලොව පුරා විවිධ රටවල ජීවත් වන මිලියනයකට අධික ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුණු රජයකි.

එමෙන්ම දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුවේ සිව්වැනි දුර කාලය සඳහා නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 15 වැනිදාගෙන් ආරම්භ වී අප්‍රේල් මස 10 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කිරීමට නියමිත බවද පැවසේ.මහ මැතිවරණය 2024 මැයි මස පස් වන පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා රජය 2009 වසරේ දී යුද්ධය නිමාවීන් පසුව පිහිටවනු ලැබූ දෙමළ ඉලාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව, තුන් වතාවක් ජාත්‍යන්තර අධීක්ෂණය කරන ලද මැතිවරණ ලොව පුරා දමල ජනතාව අතර පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය තිස් දෙදෙනෙකු තෝරාපත් කර ගැනුණි.

දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් දමිළ ජනයාගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවන අතර, එහි ව්‍යවස්ථා මගින් මෙහි දේශපාලන අරමුණු සාක්ෂාත් කරගත යුත්තේ සාමකාමී මාර්ගවලින් පමණක් බව දැඩිව විශ්වාස කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close