හෙට (04) දින පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.
තවද දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද එදින සිදු කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.
