සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හරක් කටාගේ බිරිඳගෙන්, රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායිහිදී රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගත් අවස්ථාවේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඩුබායි හි රැඳී සිට ඇති බව අල්ලස් කොමිසම (03) අධිකරණය හමුවේ සඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ අනූෂා සම්බන්ධප්පෙරුම සඳහන් කළේ,
“ස්වාමීනී.. විමර්ශන ප්‍රගතිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා.”
“ස්වාමීනී.. මේ වන තෙක් සිදුකළ විමර්ශන මඟින් නවතම කරුණක්. දෙවන සැකකරුගේ පියාද ඩුබායි ගොස් තිබෙන බවට විමර්ශන නිලධාරීන්ට කරුණු අනාවරණය වෙනවා. ඒ අනුව දෙවන සැකකරුගේ පියා වන හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ 2023 වසරේ මාර්තු (21) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.”
“මේ සැකකරුවන් තිදෙනා ගණුදෙණුව සිදු කිරීමට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන්නේ 2023 වසරේ මාර්තු (25) වනදා. සැකකරුවන් තිදෙනා ගණුදෙනුව සිදුකර යළි පැමිණ ඇත්තේ මාර්තු (29) වනදා. දෙවන සැකකරුගේ පියා වන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඩුබායි සිට නැවත ලංකාවට පැමිණ තිබෙන්නේ 2023 මාර්තු (28) වනදා.”
“මේ අනුව පැහැදිලියි සැකකරුවන් තිදෙනා මේ ගණුදෙණුව සිදු කිරීමට ඩුබායි සිටින කාලයේම දෙවන සැකකරුගේ පියා වන විජයදාස රාජපක්ෂ ඩුබායි රැඳී සිට තිබෙනවා.“
“දෙවන සැකකරුගේ පියා මොවුන් එක්ක විදේශ ගතවී නෑ. නැවත ලංකාවට පැමිණිමක් සිදු කරත් නෑ. නමුත් ස්වාමීනී.. එකම කාල වකවානුවක් තුළ මේ සියල්ල සිදුව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.”
“ඒ අනුව දෙවන සැකකරුගේ පියා ඩුබායි ගොස් එම කාලය තුළ හමු වූ පුද්ගලයින්, සිදුකළ දේවල් මොනවාද යන්න විමර්ශනයක් සිදු කරනවා.”
“ඒ වගේම පසුගිය නඩු වාරයේදී අපි කිව්වා මේ සැකකරුවන් අල්ලස් අත්තිකාරම් ලෙස ලබාගත් ලක්ෂ 1,200ක මුදලින් ලක්ෂ 200ක් ආපසු ලබාදීමක් කරලා තියෙනවා කියලා. ඒ මුදල මේ පළමු සැකකාර චරිත් විසින් ලසන්ත නැමැත්තෙකුට දීලා, මිදිගම රුවන් මාර්ගයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා හරහා හරක්කටාගේ බිරිඳ වන මදුවන්තිට යවා තිබෙනවා.
එහිදී ඔය ලක්ෂ 200 චරිත් නැමැති දෙවන සැකකරු ලසන්ත නැමැත්තාට දී තිබෙන්නේ නුගේගොඩ, නාවලපාර, විජයබා මාවත කියන ස්ථානයේදී. මේ ස්ථානය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණා එම ස්ථානයේ තමයි මේ දෙවන සැකකාර රඛිත රාජපක්ෂ නැමැත්තාගේ පියා වන විජයදාස රාජපක්ෂගේ වාසස්ථානය තිබෙන්නේ කියලා.“
